01

E   |     |  

 දිනය: 2020-11-18   පිළිතුර ලබා දී ඇත 

0519/2020: Development of Valaichchenai fishing harbour

519/2020

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වාලච්චේන ධීවර වරාය තුළ සාමාන්‍ය ට්‍රෝලර් යාත්‍රා හැසිරවිය හැකි වුවත්, විශාල ප්‍රමාණයේ ට්‍රෝලර් යාත්‍රා හැසිරවීම සඳහා එහි පිවිසුම සහ ගැඹුර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය ධීවරයින් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත්; 

(ii) එම ධීවර වරාය පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එම ධීවර වරාය පුළුල් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-11-18

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks