පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
514/2020
ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට උප කුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේද;
(ii) එම චක්‍රලේඛය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර යම් මතභේදයක් පැන නැගී තිබේද;
(iii) එම චක්‍රලේඛය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-10-07
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
උපකුලපති තනතුරට පත් කිරීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2018.06.28 දිනැතිව නිකුත් කර තිබූ විශ්වවිද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛ අංක 04/2018 (ඇමුණුම 01) අවලංගු කර ඒ වෙනුවට 2020.05.04 දිනැතිව අංක 02/2020 දරන චක්‍රලේඛය (ඇමුණුම 02) නිකුත් කරන ලදී.
ඇමුණුම 01, 02 සභාගත* කරමි.
(ii) ඔව්.
උපකුලපති තනතුර සඳහා පත් කිරීම පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නව චක්‍රලේඛය 02/2020 නිකුත් කිරීමෙන් පසු, එම චක්‍රලේඛය නිකුත් කිරීම අභියෝගයට ලක් කරමින්, උපකුලපති තනතුර සඳහා අපේක්ෂකයෙකු වූ එක් පෙත්සම්කරුවෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් ගොනු කර තිබේ.
උපකුලපති තනතුර සඳහා පත් කිරීමේ අධිකාරියට එම අපේක්ෂකයා විසින් නාම යෝජනා ඉදිරිපත් කර තිබුණේ පෙර පැවති 04/2018 අංක දරන කොමිෂන් සභා චක්‍රලේඛය පදනම් කරගෙන අතර, පත් කිරීමේ අධිකාරියෙන් එම අපේක්ෂකයා උපකුලපති ලෙස පත් නොකිරීම සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයා විසින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර තිබේ.
තවද, ඉහත සඳහන් චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධයෙන් පැසසුම් මෙන්ම විවේචන ද බොහෝ පාර්ශ්ව වෙතින් පවතින අතර ඒ පිළිබඳ මිශ්‍ර අදහසක්ද පවතී.
(iii) ඔව්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 02/2020ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-12-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks