බලන්න

04

E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0500/2020: Drink water issue in Polonnaruwa villages

500/2020 ගරු කිංස් නෙල්සන් මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති ගම්මාන අතරින් පානීය ජල දුෂ්කරතා ඇති ගම්මාන සංඛ්‍යාව කොපමණද; (ii) එම ගම්මානවල නම් කවරේද; (iii) එම ගම්මානවල පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගම්මාන 48යි. 

              (ii)      ග්‍රාම නිලධාරි වසම් නම් ලැයිස්තුව ඇමුණුමෙහි දක්වා ඇත. එම ඇමුණුම සභාගත* කරමි.

                        ඇමුණුමේ සඳහන් නාමාවලිය කියැවීමේ අර්ථයක් එතුමාටත් නැහැ; මටත් නැහැ.

             (iii)      අසා තිබෙන වැදගත්ම ප්‍රශ්නය මෙයයි. එයට පිළිතුර මෙසේයි.

                  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 299ක් ඇති අතර, එයින් දැනට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ග්‍රාම නිලධාරි වසම් 106කට ජල පහසුකම් ලබා දෙනු ලැබේ. එසේම, දැනට ක්‍රියාත්මක  පුරනැඟුම ව්‍යාපෘතිය කියන්නේ වෙනත් ව්‍යාපෘතියක්. ඒක අපේ අමාත්‍යාංශය යටතේ නොවෙයි තිබෙන්නේ. වකුගඩු රෝග නිවාරණ ව්‍යාපෘතිය තිබෙන්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ. ඊළඟට, පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියත් අපේ අමාත්‍යාංශය යටතේ නොවෙයි තිබෙන්නේ. මෙන්න මේ ව්‍යාපෘති මඟිනුත් පානීය ජල ආවරණය ව්‍යාප්ත කරමින් තිබෙනවා. මේ ව්‍යාපෘතිවල කටයුතු හා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ප්‍රමුඛතා ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා මඟින් ජල ගැටලුව විසඳීමට ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් දකින්නට පුළුවන් වෙයි. ඒ වැඩ පිළිවෙළ 2022 වන විට අවසන් කිරීමටත් පුළුවන් වෙයි. ප්‍රමුඛතා ව්‍යාපෘති මඟින් අපේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මින්නේරිය, පොළොන්නරුව, ගල්ලෑල්ල, මැදිරිගිරිය යන පිරිපහදු මධ්‍යස්ථාන වැඩිදියුණු කොට ජලය ලබාදීමට යෝජිතයි. මේ හැම තැනකම ජල සම්පාදන ව්‍යාපෘති තිබෙනවා. ඒවායේ පිරිපහදු ධාරිතාව මදි. ඒවා වැඩිදියුණු කරලා ඒ ප්‍රමුඛතා ව්‍යාපෘති මඟින් ජලය වැඩි ප්‍රමාණයක් සපයන්න අපට පුළුවන් වෙනවා. ඒ වාගේම, පොළෙ‍ාන්නරුව නැ‍ඟෙනහිර ජලසම්පාදන ව්‍යාපෘති මඟින් මුලින් කියපු ඉතුරු ගම්මාන 48 ආවරණය වෙනවා. එම ව්‍යාපෘතිය මඟින් ආවරණය නොවන සියලු ප්‍රදේශ සඳහා පානීය ජලය ලබාදීමට කටයුතු කෙරෙනවා. මේ ව්‍යාපෘතියේ ටෙන්ඩර් ඇගයීම් අවසන් කරලා තිබෙන්නේ.  China Harbour Engineering Company Ltd. එකටයි කොන්ත්‍රාත්තුව ලබාදී තිබෙන්නේ. මෙම ව්‍යාපෘතිය 2024 වන විට අවසන් කිරීමට නියමිතයි.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks