පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
492/’20 ගරු නිරෝෂන් පෙරේරා මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) පුත්තලම දිස්ත්‍රික්කයේ, වනාතවිල්ලුව, එළුවන්කුලම ප්‍රදේශයේ, වනාන්තරයක් ගිනි තබා එළිපෙහෙළි කර විනාශ කර ඇති බවට මාධ්‍ය මඟින් වාර්තා වූ බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම විනාශය සිදු කරන ලද භූමියේ ප්‍රමාණය කොපමණද; (ii) එම ඉඩම්වල අයිතිය රජය සතුව පවතින්නේද; (iii) නොඑසේ නම්, එම ඉඩම්වල අයිතිය සතු පාර්ශ්වයන් කවරේද; (iv) ඉහත වනාන්තරය විනාශ කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන තිබේද; (v) එම පුද්ගලයන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-25
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) අක්කර 29යි.
(ii) නැත.
(iii) මෙම ඉඩම් එකල රජය සතුව පැවතුණද පසුව අංක 492 හා 1959.01.02 හා අංක 283/02 හා 1977.09.20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සිමෙන්ති සංස්ථාවට පවරා ඇත.
(iv) ඔව්. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපතිගේ පැමිණිල්ල අනුව වනාතවිල්ලුව පොලීසිය මඟින් සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
(v) එම සැකකරුවන් වනාතවිල්ලුව පොලීසිය මඟින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු අංක 71165/2020 යටතේ නඩු පවරා එම නඩුව විභාග වෙමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks