04

E   |     |  

 දිනය: 2020-10-21   පිළිතුර ලබා දී ඇත 

0481/2020: එළුවන්කුලම ප්‍රදේශයේ නීති විරෝධි වැලි කැනීම්: මැඩ පැවැත්වීම

481/2020

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, පරණ එළුවන්කුලම ප්‍රදේශයේ කාලයක් තිස්සේ කැනීම් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස වැලි කැනීමේ ජාවාරම සිදුකරගෙන යන බව එතුමා දන්නෙහිද?

(ආ)     මෙම නීති විරෝධී වැලි කැනීම් ජාවාරම මැඩපැවැත්වීමට අමාත්‍යාංශය විසින්,

(i) මෙතෙක් ගෙන ඇති පියවර;

(ii) ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත පියවර;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-21

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, පරණ එළුවන්කුලම ප්‍රදේශයේ නීති විරෝධි ලෙස වැලි කැනීම් ජාවාරම් සිදු වන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත වාර්තා වී නොමැති බවත්, නීති විරෝධි කැනීම් සිදු වන බවට කාර්යාංශය වෙත වාර්තා වන අවස්ථාවලදී කාර්යාංශය විසින් පොලිස් නිලධාරින්ගේ ද සහභාගිත්වයෙන් වැටලීම් සිදු කර ඊට අදාළ නීති ක්‍රියා මාර්ග ගන්නා බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.

(ආ)          (i)      භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර, නීති විරෝධි වැලි කැනීම් ජාවාරම් මැඩ පැවැත්වීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශය විසින් කාර්යාංශයට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත ක්‍රියාත්මක කරනු ලබන ආයතනය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වන අතර, එම පනතෙහි සඳහන් විධිවිධාන ප්‍රකාරව නීති විරෝධි කැනීම්වලදී කාර්යාංශය විසින් නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබයි.

(ii) නීති විරෝධි කැනීම් වැටලීමේ අරමුණින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැටලීම් අංශයක් ස්ථාපිත කර ඇති අතර, එම අංශයේ නිලධාරින්, කාර්යාංශයේ ක්ෂේත්‍ර සහකරුවන් හා පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් නීති විරෝධි කැනීම් හා ප්‍රවාහන කටයුතු සිදු වන අවස්ථාවලදී වැටලීම් සිදු කර, අදාළ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් කටයුතු කරනු ලබයි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks