01

E   |     |  

 දිනය: 2011-04-05   පිළිතුර ලබා දී ඇත 

0927/2011: Development of Railways

0927/’10

ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග වැඩිදියුණු  කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත සම්පූර්ණ පිරිවැය;

            (ii)      එම සම්පූර්ණ පිරිවැයෙන් දේශීයව සපුරා ගන්නා ප්‍රමාණය;

(iii) විදේශීයව සපුරා ගන්නා ප්‍රමාණය;

(iv) එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබෙන මාර්ග;

(v) සම්පූර්ණ පිරිවැයෙන් ණය වශයෙන් ලැබෙන ප්‍රමාණය;

(vi) ණය මුදල් ප්‍රදානය කරනු ලබන රටවල්, අදාළ පොලී ප්‍රමාණයන් සහ ණය පියවීමේ කාල සීමාවන්;

(vii) සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට ගතවන කාල සීමාව;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා ශ්‍රමිකයින් බඳවා ගන්නා ක්‍රමය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-04-05

අසන ලද්දේ

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks