04

E   |     |  

 දිනය: 2021-01-08   පිළිතුර ලබා දී ඇත 

0458/2021: තලාව හන්දියේ සිට පොල්පිතිගම දක්වා මාර්ගය: සංවර්ධනය

458/2020

ගරු ඉෂාක් රහුමාන් මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර සිට කුරුණෑගල නගරයට ලඟාවිය හැකි කෙටිම මාර්ගය බුල්නෑව - පොල්පිතිගම මාර්ගය බවත්;

             (ii)      එම මාර්ගයේ තලාව හංදියේ සිට පොල්පිතිගම හංදිය දක්වා වූ කොටස මේ වනවිට අබලන් තත්ත්වයේ පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම මාර්ග කොටස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;

(iii) එම සංවර්ධන කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-08

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      අනුරාධපුර සිට කුරුණෑගල නගරයට ළඟා විය හැකි කෙටිම මාර්ගය බුල්නෑව, පොල්පිතිගම හරහා ඇති මාර්ගය නොවන අතර පාදෙනිය හරහා කුරුණෑගල දක්වා මාර්ගය වන අතර කෙටිම සහ ඉතා පහසුවෙන් කෙටි කාලයක් තුළ ගමන් කළ හැකි මෑතකදී සංවර්ධනය කරන ලද මාර්ගයක් වේ.

              (ii)      තලාව සිට ඇඳගල දක්වා කොටස මැකඩම් -ගල්තාර- යොදන ලද මාර්ගයක් ලෙස පවතින අතර එය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ඇඳගල, බුල්නෑව සිට සියඹලන්ගමුව දක්වා කොටස කාපට් අතුරා සංවර්ධනය කර ඇත. මඩගල්ල සිට සියඹලන්ගමුව දක්වා මාර්ග කොටස අබලන්ව පවතින නමුත් වාහන ගමනාගමනයට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කටයුතු සිදු කරමින් පවතී.

 

(ආ) (i) ඔව්.

(ii) තලාව සිට ඇඳගල දක්වා කොටස ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට ටෙන්ඩරය පිරිනැමීමට කටයුතු කර ඇත.

සියඹලන්ගමුව හන්දියේ සිට මඩගල්ල දක්වා ඇති දුර කිලෝමීටර 14.2කි. එම දුර ප්‍රමාණයෙන්, මඩගල්ල හන්දියේ සිට කිලෝමීටර 3.78ක් කොන්ත්‍රාත් පිරිනමා වැඩ ආරම්භ කර ඇති අතර, එම මාර්ගයේ ඉතිරි දුර ප්‍රමාණය වන කිලෝමීටර් 10.42 සංවර්ධනය කිරීම සඳහා මිල ගණන් කැඳවා කොන්ත්‍රාත් පිරිනමා ඇත.

මඩගල්ල හන්දියේ සිට පොල්පිතිගම දක්වා කිලෝමීටර් 2.74 කොටස සංවර්ධනය කොට වැඩ අවසන් කර ඇත.

(iii) 2021 වසරේ ජනවාරි මස සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.

 

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks