පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
457/2020
ගරු ඉෂාක් රහුමාන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගල්කිරියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ, ගල්කිරියාගම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි වසමේ, මාතෘ සායනයක් පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බවත්;
(ii) ඉහත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඇති, කිසිදු පහසුකමක් නොමැති කුඩා කාමරයක මේ වනවිට මෙම සායනය පවත්වන බවත්;
(iii) ඒ හේතුවෙන්, ගැබිනි මව්වරුන් අසීරුතාවයට පත්ව ඇති බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) මෙම ගැටලුව විසදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(ii) ගල්කිරියාගම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි වසම සඳහා මාතෘ සායන මධ්‍යස්ථානයක් ලබා දෙන දිනය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-05
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(ආ) (i) 1. තාවකාලික විසඳුමක් ලෙස සේවාලාභීන්ට රැඳී සිටීම සඳහා ස්ථානයක් - waiting area එකක් - ඉදිකිරීමට 2021 වසරේ රුපියල් 340,000.00ක මුදලක් යෙදවීමට පියවර ගෙන ඇත. ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ.
2. ඉඩකඩ සහිතව නව මාතෘ සායන ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා 2021 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන අරමුදල යටතේ රුපියල් මිලියන පහක මුදලක් වෙන් කර ඇත.
(ii) මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ විසින් සුදුසු භූමියක් සොයමින් පවතින අතර, මෙතෙක් ඒ සඳහා සුදුසු භූමියක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ සඳහා ඉඩමක් වෙන් කර ගැනීමෙන් පසු නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා අංග සම්පූර්ණ සායනය ඉදිකිරීමේ හැකියාව පවතී.
(ඇ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2021-03-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks