බලන්න

04

E   |     |  

 දිනය: 2020-11-18   පිළිතුර ලබා දී ඇත 

0454/2020: "දියවර" ධීවර ගම්මානයේ ඉඩම්: ඔප්පු

454/2020 ගරු ඉෂාක් රහුමාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ - ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 493 විජිතපුර ග්‍රාම නිලධාරි වසමේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේ ආරම්භ කළ දියවර ධීවර ගම්මානයේ වත්මන් තත්ත්වය එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) එම ගම්මානයේ ඉඩම්වලට ඔප්පු ලබා දීම සඳහා මූලික පියවර ආරම්භ කර තිබේද; (ii) එසේ නම්, එම පියවර කවරේද; (iii) එම ගම්මානයේ ඉඩම්වලට ඔප්පු ලබා දෙන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-18

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)       ඔව්.

              (ii)       මේ පිළිබඳව අදාළ පාර්ශ්ව  සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

                        මෙම බෙදා දී ඇති ඉඩම් කොටස් කහල්ල පල්ලෙකැලේ වනජීවී රක්ෂිතයට අයත්ව ඇති බැවින් ඉඩම් සඳහා ඔප්පු ලබා දීමට හෝ ගෙවල් අලුත්වැඩියා කිරීම සඳහා හෝ වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අනුමැතියක් ලබා නොදෙන බැවින් මේ පිළිබඳව ඉදිරි පියවර ගැනීම බාධාවක් වී ඇත.

      (iii) අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පවතින ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසු ඔප්පු ලබා දීමට පියවර ගත හැකිය.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks