04

E   |     |  

 දිනය: 2020-11-05   පිළිතුර ලබා දී ඇත 

0453/2020: බඹරඇළ ග්‍රාමයේ ‍හේන් ගොවීන්ගේ ඉඩම්: රක්ෂිත ලෙස සලකුණු කිරීම

453/2020 ගරු ඉෂාක් රහුමාන් මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 215 දිවුල්වැව ග්‍රාම නිලධාරි වසමේ, බඹරඇල ග්‍රාමයේ 1973 වර්ෂයේ සිට හේන් ගොවිතැන් කරන ලද ගොවීන්ගේ සින්නක්කර ඔප්පු සහිත ඉඩම්වලට වනජීවි නිලධාරින් පැමිණ රක්ෂිත මායිම් සළකුණු කර මායිම් කණු දමා ඇති බව එතුමා දන්නෙහිද? (ආ) එසේ නම්, මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-05

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 215 දිවුල්වැව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නාම්බාකඩ නැමැති රක්ෂිත වනයේ මායිම් සලකුණු කර මායිම් කණු දමා ඇත.

(ආ)     රක්ෂිත වනාන්තරය තුළට සින්නක්කර ඉඩම් ඇතුළත් නොවන අතර, රක්ෂිත වනාන්තරයේ මායිම තුළ සින්නක්කර ඔප්පු සහිත ඉඩම් ඇතුළත් වී ඇත්නම් එම ඉඩම් හඳුනාගෙන ඒවා නීත්‍යනුකූල හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කළ හැක.

(ඇ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks