බලන්න

04

E   |     |  

 දිනය: 2020-10-22   පිළිතුර ලබා දී ඇත 

0436/2020: ඉඩම් නොමැති පවුල්: ඉඩම් ලබාදීම

436/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)     ඉඩම් නොමැති හා දැනටමත් පදිංචි ඉඩමට ඔප්පුවක් නොමැති විශාල පවුල් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බව එතුමා පිළිගන්නෙහිද?

(ආ)        (i)      එම පවුල් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබේද;

             (ii)      පදිංචි ඉඩමට ඔප්පුවක් නොමැති පවුල් සඳහා ඔප්පු ලබා දීමට පියවර ගන්නේද;

(iii) පදිංචිය සඳහා ඉඩම් නොමැති පවුල් වෙනුවෙන් ඉඩම් ලබා දීමට පියවර ගන්නේද;

(iv) එසේ නම්, ඒ සඳහා ඉඩම් හඳුනාගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-22

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       පිළිගනිමි.

(ආ)         (i)      රජයේ ඉඩම් සම්බන්ධව දැනට පවත්නා අණ පනත් යටතේ ඉඩම් නොමැති හා පදිංචි ඉඩමට ඔප්පුවක් නොමැති පුද්ගලයන් වෙන වෙනම හඳුනාගැනීම සිදු කරනු ලබන අතර එලෙස හඳුනාගත් අයට නීත්‍යනුකූල ලේඛන ලබා දීම සිදු කර ඇති අතරම,  අලුතින් හඳුනා ගන්නා පුද්ගලයන් හට සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉඩම් ලබා දීමට අදාළ කටයුතු සිදු කරනු ලැබේ.

(ii) ඔව්. පදිංචි ඉඩමට බලපත්‍ර ඇති අයට කොන්දේසි සපුරා ගැනීමෙන් පසු, මැනුම් කටයුතු සිදු කර දීමනා පත්‍ර ලබා දීම සිදු කරයි.

(iii) ඔව්. පදිංචිය සඳහා ඉඩමක් නොමැති පුද්ගලයින් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් හරහා තොරතුරු රැස් කරන අතර ඒ අයට සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රජයේ ඉඩම් හෝ ගම් පුළුල් කිරීම යටතේ අත්කරගත් ඉඩම් ලබා දීම සිදුකරනු ලබයි.

(iv) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පුද්ගලයන් වෙත ලබා දීමට සුදුසු රජයේ ඉඩම් හඳුනාගනු ලබන අතර ගම් පුළුල් කිරීම යටතේ ඉඩම් අත්කර ගැනීමද සිදු කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks