පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
428/2020 ගරු ශාන්ත බණ්ඩාර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය දළ වශයෙන්; (ii) මේ සඳහා වන විදුලිය අවශ්‍යතාවය උත්පාදනය කරන ප්‍රභවයන්; (iii) ජාතික විදුලිබල පද්ධතියට ඉහත එක් එක් ප්‍රභවයෙන් උත්පාදිත විදුලිය, ප්‍රතිශතයක් ලෙස; කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) 2021 වර්ෂය වනවිට රජයේ මැදිහත්වීමෙන් උත්පාදනය කරන විදුලිය ප්‍රමාණය, 2025 වර්ෂය වනතෙක් ප්‍රමාණවත් වන්නේද; (ii) නොඑසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-03
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය දළ වශයෙන් ගිගාවොට් පැය 40ක් (40GWh) වෙයි. මීට පෙර වර්ෂවල දෛනික විදුලි පරිභෝජනය දළ වශයෙන් ගිගාවොට් පැය 45 (45GWh) පමණ වුවද, COVID -19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ දිනවල විදුලි පරිභෝජනය පහත වැටී ඇත.
(ii) * මහා පරිමාණ ජල විදුලිය
* ඉන්ධන තෙල් (ඩීසල්, දැවි තෙල්)
* ගල් අඟුරු
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව
* සුළං
* සූර්ය බලය
* කුඩා පරිමාණ ජල විදුලිය
* ජෛව ස්කන්ධ. - biomass-
(iii) 2019 වර්ෂය අවසාන වන විට එක් එක් ප්‍රභවයන්ගෙන් උත්පාදිත විදුලිය
මහා පරිමාණ ජල විදුලිය - සියයට 24
ඉන්ධන තෙල් - සියයට 31
ගල් අඟුරු - සියයට 34
සාම්ප්‍රදායක නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව - සියයට 11
(සුළං, සූර්ය, කුඩා පරිමාණ ජල විදුලිය, ජෛව ස්කන්ධ)
එකතුව - සියයට 100
2020 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා එක් එක් ප්‍රභවයන්ගේ උත්පාදිත විදුලිය
මහා පරිමාණ ජල විදුලිය - සියයට 22
ඉන්ධන තෙල් - සියයට 28
ගල් අඟුරු - සියයට 41
සාම්ප්‍රදායක නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව - සියයට 09
(සුළං, සූර්ය, කුඩා පරිමාණ ජල විදුලිය, ජෛව ස්කන්ධ)
එකතුව - සියයට 100
(ආ) (i) 2021 වර්ෂය වන විට උත්පාදනය කරන විදුලිය ප්‍රමාණය 2025 වර්ෂය දක්වා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව 2025 වර්ෂය වන විට ගිගාවොට් පැය 22,500ක විදුලි ජනනයක් සිදු කළ යුතු බවට පුරෝකථනය කර තිබේ. කෙසේ වුවද, 2025 වර්ෂයේදී වැඩි වන විදුලි ඉල්ලීම සපුරාලීම සඳහා නව විදුලි ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(ii) ඉදිරි වර්ෂ සඳහා ඉහළ යන විදුලි ඉල්ලුමට සරිලන පරිදි විදුලි ජනනය ඉහළ නංවා ගැනීම පිණිස, දිගු කාලීන ජනන සැලැස්මට අනුව, දීර්ඝ කාලීන විදුලි බලාගාර ඉදිකිරීම සහ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය තුළින් ඉල්ලුම සපුරාලීමට සැලසුම් කොට තිබේ.
ඉදිරි වසර කිහිපය තුළ ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන ධාරිතා ප්‍රභව සහ ව්‍යාපෘති ඒවායේ ප්‍රගතිය පිළිබඳ විස්තරය සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
|
————————— * පුස්තකාලයේ තබා ඇත. * நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது. * Placed in the Library. |
පිළිතුරු දුන් දිනය
2020-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks