පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
426/2020 ගරු ජගත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) මේ වනවිට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන— (i) සමෘද්ධි සංවර්ධන නිලධාරින්; (ii) සමෘද්ධි කළමණාකරුවන්; (iii) වෙනත් නිලධාරින්; සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) සමෘද්ධි සංවර්ධන නිලධාරි තනතුරෙහි පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින බව එතුමා දන්නෙහිද? (ඇ) (i) එසේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද; (ii) ඒවා පිරවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; (iii) ඒවා පුරවන දිනය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) (i) සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හා සමෘද්ධි ව්‍යාපාරයේ ගැටලු විසඳන බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති බවත්; (ii) 2015 වර්ෂයට පෙර පැවති රජය විසින් දිවිනැගුම දෙපාර්තමේන්තුව පිහිටුවා සමෘද්ධි නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කළ බවත්; (iii) එහෙත් බහුතර සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට මේ වනතෙක් විශ්‍රාම වැටුප් හිමිකම ලැබී නොමැති බවත්; එතුමා දන්නෙහිද? (ඉ) (i) එසේ විශ්‍රාම වැටුප් හිමිකම නොලැබීමට හේතූ වු කරුණු කවරේද; (ii) එම නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමේ වැඩපිළිවෙළක් සකස්කර තිබේද; (iii) එම නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කරන දිනය කවරේද; යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඊ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-23
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks