බලන්න

04

E   |     |  

 දිනය: 2020-11-05   පිළිතුර ලබා දී ඇත 

0421/2020: "Wisal Mathale" - water project

421/2020 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මේ වනවිට බොහෝ දුරට වැඩ නිමවෙමින් පවතින “විසල් මාතලේ” ජල ව්‍යාපෘතිය යටතේ ගෘහ ජල සම්බන්ධතා ලබා දීමට නියමිත උකුවෙල, රත්තොට, මාතලේ, යටවත්ත හා පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කවරේද; (ii) එම ග්‍රාම නිලධාරි වසම්වල නම් කවරේද;‍ යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) එම ව්‍යාපෘතිය යටතේ ගෘහ ජල සම්බන්ධතාවයන් ලබා දීම සඳහා ආවරණය නොවන ග්‍රාම නිලධාරි වසම් ගණනාවක් ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තිබෙන බව දන්නේද;‍ (ii) එම ග්‍රාම නිලධාරි වසම්වල නම් කවරේද; (iii) එම ග්‍රාම නිලධාරි වසම්වල ගෘහ ජල සම්බන්ධතා ලබා නොදෙන ගම්මාන සංඛ්‍යාව කවරේද; (iv) එම ගම්මානවල නම් කවරේද; (v) එම ගම්මාන සඳහා ද ගෘහ ජල සැපයුම් සම්බන්ධතාවය ලබාදීමට ඉහත ව්‍යාපෘතිය යටතේ පියවර ගන්නේද; (vi) නොඑසේ නම්, ඒ සඳහා විකල්ප යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේද; (vii) එසේ නම්, එම දිනය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-05

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks