පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
420/2020 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මේ වනවිට බොහෝ දුරට වැඩ නිමවෙමින් පවතින “විසල් දඹුල්ල” ජල ව්‍යාපෘතිය යටතේ ගෘහ ජල සම්බන්ධතා ලබා දීමට නියමිත ගලේවෙල හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කවරේද; (ii) එම ග්‍රාම නිලධාරි වසම්වල නම් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) ඉහත ව්‍යාපෘතිය යටතේ ගෘහ ජල සම්බන්ධතාවයන් ලබා දීම සඳහා ආවරණය නොවන ග්‍රාම නිලධාරී වසම් ගණනාවක් ගලේවෙල හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තිබෙන බව දන්නේද; (ii) එම ග්‍රාම නිලධාරී වසම්වල නම් කවරේද; (iii) එම ග්‍රාම නිලධාරි වසම්වල ගෘහ ජල සම්බන්ධතා ලබා නොදෙන ගම්මාන සංඛ්‍යාව කවරේද; (iv) එම ගම්මානවල නම් කවරේද; (v) එම ගම්මාන සඳහා ද ගෘහ ජල සම්බන්ධතා ලබාදීමට ඉහත ව්‍යාපෘතිය යටතේ පියවර ගන්නේද; (vi) නොඑසේ නම්, ඒ සඳහා විකල්ප යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේද; (vii) එසේ නම්, එම දිනය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-03
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගලේවෙල - ග්‍රාම නිලධාරි වසම් 18
දඹුල්ල - ග්‍රාම නිලධාරි වසම් 38
ගරු කථානායකතුමනි, එම ග්‍රාම නිලධාරි වසම් මොනවාද කියා ඊළඟට අහනවා. ග්‍රාම නිලධාරි වසම් නාමාවලියක් තිබෙනවා. එක කොට්ඨාසයකට අදාළව නම් 18ක් සහ අනෙක් කොට්ඨාසයට අදාළව නම් 38ක් තිබෙනවා. ඒවා එකින් එක කියවාගෙන යෑමේ අවශ්‍යතාවක් නැතිනම්, මේ ප්‍රශ්නයට පිළිතුර සැපයීමෙන් පසුව, මට මේ පිළිතුර ඔබතුමියට එවන්න පුළුවන්, ගරු මන්ත්‍රීතුමියනි. ඒ නම් ඔක්කොම වාගේ ඔබතුමියත් දන්නවා. ඔබතුමියට ඕනෑ නම්, මට පිළිතුර සම්පූර්ණයෙන් කියවිය හැකියි. නමුත්, ප්‍රශ්න වටයට ගතවන කාලය කළමනාකරණය කරගැනීමට වුවමනා නිසා, දීර්ඝ පිළිතුරක් වන මෙම පිළිතුරෙහි (අ) (ii) සහ (ආ) (i), (ii), (iii), (iv) යන කොටස් මම සභාගත* කරනවා, ගරු කථානායකතුමනි.
(ආ) v සිට vii දක්වා පිළිතුරු මා කියවන්නම්.
(v) නැත.
(vi) යෝජිත නාවුල වහකෝට්ටේ ව්‍යාපෘතිය මඟින් කොටසක් ද ඉතිරි කොටස විසල් දඹුල්ල අදියර II ව්‍යාපෘතිය මඟින්ද ආවරණය කිරීමට යෝජිතය.
(vii) යෝජිත නාවුල වහකෝට්ටේ ජලසම්පාදන ව්‍යාපෘතිය 2022 දෙසැම්බර් වන විට අවසන් කිරීමටත්, යෝජිත විසල් දඹුල්ල අදියර II ව්‍යාපෘතිය 2026 වන විට ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරගෙන යනු ලැබේ. එතෙක් එම ගම්මානවල ක්‍රියාත්මක ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ද ලබා දෙනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks