පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
344/2020
ගරු මයන්ත දිසානායක මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තේ ශක්ති අරමුදලේ ආරම්භයේ සිට මේ දක්වා ඇති මුදල කොපමණද;
(ii) මෙම අරමුදලෙන් කුඩා තේ වතු හිමියන් සඳහා ලබා දෙන ප්‍රතිලාභ කවරේද;
(iii) තේ ශක්ති අරමුදලේ ආරම්භයේ සිට මේ දක්වා එහි සමාජිකත්වය ලබා ඇති සංඛ්‍යාව කවරේද;
(iv) මෙම අරමුදලට කුඩා තේ වතු හිමියන් විසින් ආයෝජනය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) තේ ශක්ති අරමුදල්වලින් තේ කර්මාන්තශාලා ආරම්භ කර තිබේද;
(ii) එසේ නම්, එම කර්මාන්තශාලා සංඛ්‍යාව කවරේද;
(iii) එම කර්මාන්තශාලා ආරම්භ කර ඇති ප්‍රදේශ කවරේද;
(iv) ඒ සඳහා වැයකර තිබෙන මුළු මුදල කොපමණද;
(v) කර්මාන්තශාලා සඳහා ආයෝජනය කළ මුදල්වලින් කිසියම් ලාභයක් ලබන්නේද;
(vi) එසේ නම්, එම ලාභය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-25
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහා භාණ්ඩාගාරය හා කුඩා තේ වතු හිමියන් තේ ශක්ති අරමුදල සඳහා ආරම්භයේ සිට මේ දක්වා ආයෝජනය කර ඇති මුදල රුපියල් 1,167,677,410.22කි.
(ii) • තේ ශක්ති සාමාජිකයන් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
• තේ ශක්ති අරමුදලේ ලාභ අනුව කොටස් හිමියන් සඳහා ලාභාංශ ගෙවීම.
• එම කර්මාන්තශාලා ක්‍රියාත්මක වන අවධියේදී කුඩා තේ වතු හිමියන්ගේ දළු සඳහා ඉහළ මිලක් ලබා දීමට හැකිවීම.
(iii) කොටස් හිමියන් ප්‍රමාණය 94,425කි.
(iv) රුපියල් 341,236,100.00කි.
(ආ) (i) ඔව්.
නව කර්මාන්තශාලා ආරම්භ කිරීම හා ඉදිකර තිබුණු කර්මාන්තශාලා අරමුදල විසින් මිලදී ගැනීම සිදු කොට ඇත.
(ii) 2020.08.31 දිනට
අරමුදලට අයත් කර්මාන්තශාලා - 11
බදු පදනම යටතේ ලබාගෙන ඇති කර්මාන්තශාලා - 01
ඉදිකිරීම් නිම නොවුණු කර්මාන්තශාලා - 02
සම්පූර්ණ ගණන 14යි.
(iii) එම කර්මාන්තශාලාවල නම් සහ පිහිටි ප්‍රදේශ.
|
ඉඩමේ නම/කර්මාන්තශාලාවේ නම |
ඉඩම/කර්මාන්තශාලාව පිහිටි දිස්ත්‍රික්කය |
|
කැප්පෙටිපොළ තේ කම්හල |
බදුල්ල |
|
දෙනියාය තේ කම්හල |
මාතර |
|
මහවැලි තේ කම්හල |
මහනුවර |
|
ගිලීමලේ තේ කම්හල |
රත්නපුරය |
|
බලංගොඩ තේ කම්හල |
රත්නපුරය |
|
දැරණියගල තේ කම්හල |
කෑගල්ල |
|
මාවරල තේ කම්හල |
මාතර |
|
රයිගම්කෝරළේ තේ කම්හල |
කළුතර |
|
වලහන්දූව තේ කම්හල |
ගාල්ල |
|
ඇල්පිටිය තේ කම්හල |
ගාල්ල |
|
කොත්මලේ තේ කම්හල |
නුවරඑළිය |
|
පස්සර තේ කම්හල |
බදුල්ල |
|
බුලත්කොහුපිටිය තේ කම්හල |
කෑගල්ල |
|
පොතුපිටිය තේ කම්හල |
රත්නපුරය |
(iv) අවසන් වරට විගණනය කර ඇති අවසාන ගිණුම් වාර්තා අනුව මුළු කර්මාන්තශාලා පිරිවැය රුපියල් 575,766,786.09ක් වේ.
(v) ඔව්.
(vi) ගිණුම් කටයුතු අවසන් කළ පසු ලාභය නිශ්චිතව ඉදිරිපත් කළ හැක.
ගරු කථානායකතුමනි, ගිණුම් කටයුතු තවම සම්පූර්ණයෙන්ම අවසන් කර නැහැ.
(ඇ) අවසන් ගිණුම් සකස් කරමින් පවතී.
පිළිතුරු දුන් දිනය
2020-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks