පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
342/2020
ගරු චන්දිම වීරක්කොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018/05/11 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීමක් අනුව විගණන පරීක්ෂක සේවයේ II ශ්‍රේණියට විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීම - 2018 සඳහා විවෘත තරග විභාගයක් පැවැත්වූ බවත්;
(ii) එම තරග විභාගය 2018 ඔක්තෝබර් 14, 20 සහ 21 යන දිනයන්හි විභාග මධ්‍යස්ථාන කිහිපයකදී පැවැත්වූ බවත්;
(iii) එකී තරග විභාගයේ ප්‍රතිඵල මේ වනතෙක් නිකුත් කර නොමැති බවත්;
(iv) එකී තරග විභාගය පවත්වා මේ වනවිට අවුරුදු 2ට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එකී විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;
(ii) එසේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්ට අදාළ පත්වීම් කඩිනමින් ප්‍රදානය කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-23
අසන ලද්දේ
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) විවෘත තරග විභාගයක් පවත්වා ඇත.
(ii) විභාගය පවත්වා ඇත.
(iii) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.
(iv) අදාළ නොවේ. මේ වන විට ප්‍රතිඵල නිකුත් කර ඇත.
(ආ) (i) අදාළ නොවේ.
(ii) පත්වීම් ප්‍රදානය කිරීම සඳහා දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks