පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිශ්චිතව සඳහන් කළ නොහැක.
ලෝක වෙළෙඳ පොළ තුළ ඛනිජ තෙල් මිල ගණන් දෛනිකව ඉහළ හා පහළ යන බැවින් එසේ ඉහළ හා පහළ ගිය අවස්ථා ප්‍රමාණය කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් දැක්විය නොහැක. කෙසේ නමුත් සංසන්දනය කිරීමේ පහසුව තකා මාසික සාමාන්‍ය ලෙස ගණන් බැලීමක් සිදු කරන අතර එක් එක් වර්ෂයට අදාළව මිල ගණන් හැසිරීමේ මාසික සාමාන්‍ය ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
තවද මෙම අගයන්හි වෙනස්වීම අදාළ කාල පරාසයට සාපේක්ෂව පැහැදිලි වන ප්‍රස්ථාර ඇමුණුම 02 මඟින් දක්වා ඇත.
(ii)
ලෝක වෙළෙඳ පොළ ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් සලකා බලා එවකට විෂයභාර අමාත්‍යතුමා හා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර 2015-2019 වර්ෂවලදී දේශීය ඛනිජ තෙල් මිල තීරණය කිරීමට හඳුන්වා දුන් මිල සූත්‍රය භාවිත කරමින් විටින් විට මිල ගණන් සංශෝධනයට ලක්කොට ඇත. 2020 වර්ෂය ද ඇතුළත්ව මිල ගණන් සංශෝධනය කළ දින ඇමුණුම 03 මඟින් දැක්වේ.
තවද 2015 වර්ෂය ආරම්භයේ ලෝක වෙළෙඳ පොළ බොර තෙල් මිල පහළ යෑමට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබූ අතර, ඉන් අනතුරුව ජාත්‍යන්තර මිල ගණන් විචලනය නොසලකා 2018 වර්ෂයේ මැයි දක්වා එසේ තීරණය කළ මිල ගණන් නොවෙනස්ව පවත්වා ගනු ලැබීය. 2018 මැයි සිට ජාත්‍යන්තර මිල ගණන් වෙනස් වීමට සාපේක්ෂව ඉහත සඳහන් මිල සූත්‍රය පදනම්ව 2019 සැප්තැම්බර් මස දක්වා සෑම මසකම 10 වන දිනට සංශෝධනය කර ඇත.
ඇමුණුම් 01, 02, 03 සභාගත* කරමි.
(iii) මේ වන විට ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර 2021.10.01 දින වාර්තා වුණු බැරලයකට ඩොලර් 80 මිල, වසර තුනකදී වාර්තා වුණු වැඩිම මිල වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks