පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
303/2020
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන සඳහා වූ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා ඇති පසුබිමක —
(i) ශ්‍රී ලංකාව තුළ බහු විවෘත විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට රජය අරමුණු කර තිබේද;
(ii) රජය විසින් දුරස්ථ ඉගෙනුම් අවස්ථා පුළුල් කිරීමට අදහස් කරන්නේ, උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන කවර කණ්ඩායම් ඉලක්ක කරගෙනද;
(iii) දුරස්ථ අධ්‍යාපන අවස්ථා සඳහා සහනාධාර ලබා දීමට ඉදිරියේදීත් රජය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එහි අරමුදල් යටතේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තවදුරටත් ක්‍රියාත්මක වන්නේද;
(ii) නොඑසේ නම්, එය පාලනයට නතු කරනු ලබන අධිකාරිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;
(ii) විශ්වවිද්‍යාලය සඳහා දරනු ලබන වියදමින් රජය විසින් දරනු ලබන ප්‍රමාණය කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-25
අසන ලද්දේ
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට නොමැත.
(ii) විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත නොහැකිව උසස් පෙළ සමත් තරුණ තරුණියන්, සහතිකපත් ලබා නැති පෙර පාසල් ගුරුවරු සහ සුදුසුකම් සම්පූර්ණ කර නැති උපාධිධාරි ගුරුවරුන් ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු ඇති අය ඉලක්ක කරගෙනය.
(iii) විශේෂ ආධාර ලබාදීමට වඩා අයකරන ගාස්තු සංශෝධනය කර, ගාස්තු මඟින් සහනයක් ලබා දීම අරමුණු කරගෙන ඇත.
(ආ) (i) ඔව්.
(ii) අදාළ නොවේ.
(ඇ) (i)
|
වර්ෂය |
වෙන්කර ඇති අරමුදල් ප්‍රමාණය රු.මි. |
|
|
පුනරාවර්තන |
ප්‍රාග්ධන |
|
|
2020 |
1,920 |
70 |
|
2019 |
1,600 |
80 |
|
2018 |
1,320 |
105 |
|
2017 |
1,112 |
150 |
|
2016 |
1,000 |
230 |
2016 සිට 2020 දක්වා ඒ වසර පහ සංසන්දනය කිරීමේදී 2016 වර්ෂයේදී පුනරාවර්තන රුපියල් මිලියන 1,000ක් ප්‍රාග්ධන රුපියල්මිලියන 230ක් වුණු එක 2020 වර්ෂය වන විට පුනරාවර්තන රුපියල් මිලියන 1,920ක් සහ ප්‍රාග්ධන රුපියල් මිලියන 70ක් වෙලා තිබෙනවා. මුළු මුදල රුපියල් මිලියන 1,230ට එරෙහිව රුපියල් මිලියන 1,990ක් වෙනවා. ආසන්න වශයෙන් දෙගුණයකින් ප්‍රමාණයකින් අවුරුදු පහක් තුළ ප්‍රතිපාදන වැඩි වෙලා තිබෙනවා.
(ii)
|
වර්ෂය |
විශ්වවිද්‍යාලයෙහි මුළු වියදම රු.මි. |
රජය විසින් දරන වියදම රු.මි. |
|
2020 |
2,014 |
1,210 |
|
2019 |
3,742 |
1,680 |
|
2018 |
2,896 |
1,398 |
|
2017 |
2,309 |
1,199 |
|
2016 |
2,640 |
1,230 |
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks