පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2017, 2018, 2019 හා 2020 වර්ෂවල අයවැය මඟිනි.
(ii) 2017 වර්ෂයේ රුපියල් මිලියන 5,000කි.
2018 වර්ෂයේ රුපියල් මිලියන 4,000කි.
2019 වර්ෂයේ රුපියල් මිලියන 4,000කි.
2020 වර්ෂයේ රුපියල් මිලියන 3,009කි.
(iii) ඔව්.
ටැබ් පරිගණක (Tabs) ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමක් සිදුකර ඇත. (ඇමුණුම 01 යටතේ දක්වා ඇත.)
අවශ්‍ය නම්, මන්ත්‍රීතුමාට පරිශීලනය කිරීමට එම ඇමුණුම ලබා දෙන්න පුළුවන්.
(iv) 01. Abans PLC offer - 2 for HAIER
02. E-W Information System Limited
03. Mobitel (Pvt.) Limited
04. Singer Sri Lanka PLC
05. Abans PLC offer -1 for Lenovo
06. Softlogic Retail (Pvt.) Ltd.
07. Sri Lanka State Trading (General) Corporation Ltd.
08. Metropolitan Computers (Pvt.) Ltd.
09. Cellcity Lanka (Pvt.) Ltd.
10. Softlogic Information Technologies (Pvt.) Ltd.
(v) අබාන්ස් පීඑල්සී ආයතනය එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගෙන ඇත.
(vi) ලංසු කැඳවීමේදී ඉදිරිපත් කරන ලද පිරිවිතරය ඇමුණුම 02 යටතේ ද, මිල ගණන් කැඳවා කාලයක් ගතවී තිබීම මත මිලදී ගන්නා අවස්ථාව වන විට යාවත්කාලීන කරන ලද පිරිවිතරය ඇමුණුම 03 යටතේ ද දක්වා ඇත.
(vii) ඔව්.
2020 අයවැය ප්‍රතිපාදන යටතේ ටැබ් පරිගණක 96,919ක් මිලදී ගෙන ගෙවීම් කටයුතු සිදු කර ඇත.
(viii) විෂය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් අංක 2020/ED/E/N/01 හා 2020.02.13 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන සඳහා වූ අමාත්‍ය මණ්ඩල අංක 20/0394/219/005 හා 2020.03.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව උසස් පෙළ ගුරුවරුන් සහ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම සිදු කරනු නොලැබේ.
(ආ) විෂය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් 2020/ED/E/N/01 හා 2020.02.13 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන ඉදිරිපත් කරන ලදී.
ඒ සඳහා වූ අංක 20/0394/219/005 හා 2020.03.25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ජාතික පාසල් 358ක උසස් පෙළ ගුරුවරුන් සහ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම වෙනුවට, ටැබ් පරිගණක 96,919ක් ජාතික පාසල් හා පළාත් පාසල් 1,401ක් අතර පාසල්වල භාවිතය සඳහා බෙදා හැරීම් කළ යුතුව ඇත.
ඒ අනුව, අදාළ කටයුතු සිදු කර ඇමුණුම 04 යටතේ දක්වා ඇති පරිදි ජාතික පාසල් හා පළාත් පාසල් 1,401ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමට නියමිතව ඇත.
එය මාර්තු, අප්‍රේල් මාස 2 තුළදී බෙදා හැරීම සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇත. අවශ්‍ය නම් ඒවා බෙදා හරින ආකාරය පළාත් අනුව සඳහන් කරන්න පුළුවන්. එය ඇමුණුම 04හි සඳහන් වෙනවා.
ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2021-03-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks