04

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0263/2021: 2018/2019 ගංවතුරින් මාතර දිස්ත්‍රික්කයේ වූ වගා හානි: වන්දි

263/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2018-2019 මහ කන්නයේදී ගංවතුර උවදුර හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ වගා හානි වූ බවත්;

             (ii)      මේ වනතෙක් ඒ සඳහා වන්දි මුදල් ගෙවා නොමැති බවත්;

           (iii)      ඒ හේතුවෙන් ගොවීන්  දුෂ්කරතාවයට පත්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) උක්ත කන්නය තුළදී මාතර දිස්ත‍්‍රික්කයේ හානි වූ වගා බිම් ප‍්‍රමාණය;

(ii) වන්දි මුදල් ගෙවිය යුතු ගොවීන් සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙතෙක් වන්දි මුදල් නොගෙවීමට හේතු කවරේද;

(ii) උක්ත වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන දිනය කවරේද;

යන්නත් එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      වන්දි මුදල් ගෙවා ඇත.

             (iii)      දුෂ්කරතාවට පත්වූ ගොවීන් සඳහා ගෙවීම් කර ඇත.

(ආ)         (i)      අක්කර 529.41කි.

              (ii)      ගොවීන් 691 දෙනෙකු සඳහා ගෙවීම් කර ඇත.

(ඇ)         (i)      වන්දි මුදල් ගෙවා ඇත.

              (ii)      කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත 2018/2019 මහ කන්නය සඳහා වාර්තා වී ඇති හානි අතුරින් සුදුසුකම් සපුරා ඇති සියලු ගොවීන්ට වන්දි මුදල් ගෙවා අවසන් කර ඇත.

වන්දි මුදල - රු. 14,557,795.00

අක්කර ප්‍රමාණය - 529.41

මේ යටතේ ගොවීන් 101 දෙනෙකු ගංවතුර හානි සඳහා වන්දි මුදල් ලබාගෙන ඇති අතර, අක්කර 68.26ක් සඳහා රුපියල් 882,843.00ක වන්දි මුදලක් නිදහස් කර ඇත.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනකොට වන්දි ගෙවීම අවසන් කර නොතිබෙන්න පුළුවන්. නමුත්, දැන් සියලු වන්දි මුදල් ගෙවා තිබෙනවා.

(ඈ)   අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-03-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks