පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
262/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බුද්ධ ධර්මය ප‍්‍රායෝගික විෂයයක් බවත්; (ii) එය විභාග ඉලක්කගත විෂයයක් වශයෙන් මේ වනවිට පාසල් හා දහම් පාසල් තුළ ඉගැන්වීම් කටයුතු කරන බවත්; (iii) නමුත්, ඉහත ක්‍රමවේදයන් තුළින් බුද්ධ දර්ශනය ඇසුරින් ජීවිතයට ලබාගත හැකි විනය, හික්මීම ඇතුළු යහපත් මානුෂීය ගුණධර්ම ප‍්‍රමාණවත් පරිදි සමාජගත නොවන බවත්; එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) බුද්ධ දර්ශනයේ ප‍්‍රායෝගික භාවිතයන් ඉගැන්වීමට අවශ්‍ය පියවර ගන්නේද; (ii) එසේ නම්, එම පියවර ගනු ලබන ආකාරය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-10
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) නැත.
විභාග පමණක් ඉලක්ක කරගෙන දහම් පාසල් අධ්‍යාපනය සිදු නොවන අතර සාරධර්ම ප්‍රගුණ කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
(iii) නැත.
දරුවන්ට යහපත් ගුණධර්ම පුරුදු පුහුණු කිරීමට පහත (ආ) (ii) හි සඳහන් පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) මේ සඳහා පහත සඳහන් පියවර රැසක් ගනිමින් තිබේ.
1. සෑම සිසුවෙකුටම ප්‍රායෝගිකව බෞද්ධ දර්ශනයේ වත් පිළිවෙත් අධ්‍යයනය හා පුහුණුව උදෙසා දහම් පාසල විහාරස්ථානයක් ආශ්‍රිතව පැවැත්වීමට දිරිගැන්වීම.
2. සෑම සිසුවෙකුගේම ධර්මාවබෝධය මැන බැලීම සඳහා පමණක් විභාගයක් පැවැත්වීම.
3. දහම් පාසලක ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී ප්‍රායෝගික ක්‍රියාකාරකම් බහුල කරලීමේ අදහසින්ම සකස් කර ඇති "දහම් පාසල් කළමනාකරණය" පොත සෑම දහම් පාසලකටම බෙදා දීම.
4. දහම් පාසල තුළ හා බාහිරව දරුවන්ගේ යහපත් චර්යා ප්‍රගුණ කරවීමට දිරිගැන්වීම උදෙසා ප්‍රායෝගික ප්‍රගති වාර්තාවක් ලෙස සෑම දහම් පාසල් දරුවෙකුටම "සාධුචර්යා පුස්තකය" නමින් ප්‍රගති සටහන් පොතක් නිකුත් කිරීම.
5. දහම් පාසලේ සෑම ශ්‍රේණියකම පෙළ පොත්වලට අදාළව ප්‍රායෝගිකව දහම් කරුණු ඉගැන්වීම පිළිබඳ උපදෙස් ඇතුළත් ගුරු අත්පොත් ලබා දීම.
6. දහම් පාසල් දරුවන්ට භාවනා පුහුණුව, බුදු දහම සම්බන්ධ නිර්මාණවලට අවස්ථාව සැලසීමට පුවත් පත්වල ඉඩ ප්‍රස්ථා ලබා දීම, ජනමාධ්‍ය ඔස්සේ බුදු දහම සම්බන්ධ දැනුම ලබා දීමේ වැඩසටහන් සංවිධානය, නිපුණතා ඇගයීමේ වැඩසටහන් පැවැත්වීම.
7. දහම් පාසල් දරුවන් ප්‍රායෝගිකත්වයට හුරු කරවීම උදෙසා විවිධ අධ්‍යාපන මට්ටම්වල සිටින දහම් පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමට දිවයින පුරා ගුරු පුහුණු වැඩසටහන් අඛණ්ඩව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම. අධ්‍යයන පාඨමාලා හා දැනුම ඇගයීමට වාර්ෂිකව විභාග පැවැත්වීම.
8. දහම් පාසල් ගුරු භවතුන් නිස්සරණාධ්‍යාශයෙන් සේවය කරන අතර ගුරු භවතුන් දහම් පාසල් සේවයේ රඳවාගැනීම සඳහා සේවය ඇගයීම, සාමදාන විනිශ්චයකාර පදවි ප්‍රදානය, වෛද්‍යාධාර ලබා දීම, නිල ඇඳුම් ලබා දීම, වර්ෂයකට එක් වතාවක් රුපියල් 5,000ක දීමනාවක් ලබා දීම.
දහම් පාසල්වල ගුරු භවතුන් දිරි ගැන්වීම හා සේවයේ රඳවාගැනීම සඳහා තවදුරටත් වැඩ පිළිවෙළ සකස් කිරීමට යෝජිත අතර දහම් අධ්‍යාපනයට ජාතික මට්ටමේදී ඇගයීම් අවස්ථා ලබා දී දහම් අධ්‍යාපනය ධෛර්යවත් හා ශක්තිමත් කළ යුතු බව පිළිගනිමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks