පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0905/’10
ගරු එම්. ටී. හසන් අලි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වසර පහකට අධික කාලයක් නැගෙනහිර පළාතේ කොන්ත්‍රාත් පදනම යටතේ අඛණ්ඩව සේවයකරමින් සිටි ඉංග්‍රීසි ගුරුවරුන් පිරිසක් සඳහා අදියර දෙකකින් (රා.ප.චක්‍රලේඛ අංක 13/2005 සහ 21/2006 යටතේ) ස්ථිර පත්වීම් පිරිනමන ලද බවත්;
( ii) ඉහත රා.ප. චක්‍රලේඛවලට අනුව, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ ED/2/29/4/1/46 හා 2005/7/19 දිනැති ලිපියේ සඳහන් උපදෙස් පරිදි, 2005/7/28 දින සිට ඉහත ගුරු පිරිසෙන් කොටසකට පත්වීම් ලබාදී ඇති නමුත්, 2003 - 2004 වර්ෂයේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ අඛණ්ඩව සේවය කරන 50 දෙනෙකු පමණ ගුරු පිරිසකට මේ දක්වා ස්ථිර පත්වීම් ලබාදී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර, අක්කරපත්තුව සහ සම්මන්තුරේ යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල සේවයේ නියුතු එවැනි ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලබා දීමටත්;
(ii) මඩකලපුව දිස්ත්‍රික්කයේ පඩ්ඩිරිප්පු, කල්කුඩා සහ මඩකලපු යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල සේවයේ නියුතු එවැනි ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලබාදීමටත්;
නොපමාව පියවර ගන්නේද, යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-03-23
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks