පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
252/2020
ගරු වේලු කුමාර් මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) හන්තාන වතුයාය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුයායක් බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 1992 දී රජය සතුව පැවති වතු ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේදී මෙම වතුයායට අයත්ව තිබූ කොටස් (Division) සංඛ්‍යාව කොපමණද;
(ii) එම කොටස්වල නම් කවරේද;
(iii) 2015 වනවිට අතහැර දැමූ හෝ වසා දමා ඇති කොටස් තිබේද;
(iv) එසේ නම්, එම කොටස්වල ඉඩම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) 1992 සිට 2015 දක්වා කාලයේ දී මෙම වතුයායට අයත් ඉඩම්, කර්මාන්ත ශාලාව සහ වෙනත් ගොඩනැගිලි බාහිර පාර්ශ්වයට / පුද්ගලික අංශයට ලබා දුන්නේද;
(ii) එම විස්තර කවරේද;
(iii) අවසන් වරට සිදුකළ සංගණනයට අනුව වගා කළ ඉඩම් හා වගා නොකළ ඉඩම් ප්‍රමාණය කොපමණද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-07
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හන්තාන වතුයාය ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු වේ.
1982 මාර්තු 12 දිනැති 183/10 දරන ගැසට් පත්‍රය මඟින් හෙක්ටෙයාර 414.63ක් පැවැරී ඇත.
(ආ) (i) 1992 දී රජය සතුව පැවැති වතු ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ දී මෙම වතුයායට අයත්ව තිබූ කොටස් (Division) ගණන 8කි.
(ii) එම කොටස්වල නම්:
1. කර්මාන්තශාලා කොටස
2. බටහිර කොටස
3. හන්තාන උඩ කොටස
4. හන්තාන මැද කොටස
5. උඩුවෙල උඩු කොටස
6. ඌරාගල කොටස
7. කිතුල්මුල්ල කොටස
8. ගලහ කොටස
(iii) කොටස් වශයෙන් ඉවත් කර නොමැත. ඇතැම් කොටස්වල පැවැති ඵලදාව අඩු ක්ෂේත්‍රවල භෝග විවිධාංගිකරණය කර ඇත.
(iv) අක්කර 150.85යි.
(ඇ) (i) පුද්ගලික අංශයට ලබා දී ඇත.
(ii) 1) ගලහ අක්කර 100ක් ගිහාන් සෝමසිරි මහතා වෙත 2011/01/01 දින වන විට වසර 30ක් සඳහා බදු පදනම මත ලබා දී ඇත. (වාර්ෂික බදු මුදල රු.840,000.00)
2) ගලහ කොටසින් අක්කර 50ක් කොමඩිටි අයිලන්ඩ් සමාගම වෙත 2011/12/21 දින සිට වසර 30ක් සඳහා බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.450,000.00)
3) ගලහ කොටසින් අක්කර 10ක් ඒ.කේ.ඩී. මුණිදාස මහතා වෙත 2011/09/23 දින වසර 30ක් සඳහා බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.180,000.00)
4) ගලහ කොටසින් අක්කර 17ක් රිස්වානා කෘෂිකාර්මික පුද්ගලික සමාගම වෙත 2011/07/15 දින වසර 30ක් සඳහා බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.375,000.00)
5) හන්තාන තේ කර්මාන්තශාලාව 2001/01/01 දින සිට වසර 30ක කාලයක් සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත බදු දී ඇත. (රු.150,000.00)
6) හන්තාන උඩ කොටසින් අක්කර 20ක් ඉකෝටෙල් පුද්ගලික සමාගම වෙත 2000/12/01 දින වසර 20ක් සඳහා බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.1,518,750.00)
7) හන්තාන උඩ කොටසින් පර්චස් 30ක් එම්ටීවී සමාගම වෙත 2004/03/15 බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.1,012,500.00)
8) හන්තාන උඩ කොටසින් අක්කර 04ක් හිල් කන්ට්‍රි ෂූටින් ක්ලබ් ආයතනය වෙත 2003/03/13 දින බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.11,232.00)
9) හන්තාන මැද කොටසින් අක්කර 01ක් හන්තාන රජ මහා විහාරය සඳහා 2004/01/04 දින වසර 30ක් සඳහා බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.10,856.25)
10) හන්තාන ප්‍රාදේශීය කාර්යාලය ප්‍රිහාන් හෝල්ඩින්ග්ස් සමාගම වෙත 2014/04/15 දින වසර 30ක කාලයක් සඳහා බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රු.900,000.00)
11) හන්තාන වත්තෙන් අක්කර 45 රූඩ් 02 පර්.06 ඉඩම් කොටසක් අංක 96 හා 97 හුවමාරු ඔප්පු යටතේ චාමිණි කිරිඇල්ල හා පිලිප් ජයවර්ධන මහතා වෙත පවරා දීමට කටයුතු කර ඇත.
12) හන්තාන වත්තෙන් අක්කර 34ක ඉඩම් කොටසක් ව්‍යවස්ථාපිත නිශ්චය (මහ 424) සඳහා ජමිලා උම්මා මහත්මිය වෙත ලබා දීමට 2003.07.23 දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇත.
(iii) වගා කළ අක්කර 766.73
වගා නොකළ අක්කර 270.63
මෙම වතුයායේ දැනට තේ හෙක්ටෙයාර 310.42ක ප්‍රධාන වගාව ලෙස දලු නෙළමින් පවතින අතර, හෙක්ටෙයාර 102.63ක වන වගාවක් ද හෙක්ටෙයාර 21.00ක වෙනත් වගාවක් ද ඇත.
මේ වන විට 'C' ශ්‍රේණිය (පළාත් අනුව) ලෙස වර්ගීකරණය කරන ලද ඉඩම් හෙක්ටෙයාර 138.05 නව ක්‍රමවේදයක් යටතේ අලුත් තේ වගාවක් සිටුවීම හා පැළ සිටුවීම මඟින් 'A' ශ්‍රේණිය (ඵලදාව වැඩි) තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks