පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
249/2020
ගරු වේලු කුමාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහනුවර දිස්ත්‍රික්කයේ, පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිහිටා ඇති රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කැලෑබොක්ක වත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “උදා ගම්මාන නිවාස වැඩසටහන” ආරම්භ කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) එකී වැඩසටහන යටතේ ඉහත වත්තේ ආරම්භ කර ඇති —
(i) එක් එක් උදාගම්මාන නිවාස වැඩසටහන් සංඛ්‍යාව;
(ii) වැඩසටහනට ඇතුළත් නිවාස සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) එක් නිවසක් ඉදිකිරීම සඳහා එක් එක් නිවාසලාභියාට —
(i) ලබාදෙන බවට එකඟවු මුළු මුදල;
(ii) ලබාදෙන මුළු මුදලින් ණය මුදල;
(iii) ලබා දෙන මුළු මුදලින් ආධාර මුදල;
(iv) මෙතෙක් ලබා දී ඇති මුදල;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) එක් එක් නිවාසලාභියාට අදාළ ඉතිරි මුදල ලබාදී මෙම ව්‍යාපෘතිය නිමකිරීමට පියවර ගන්නේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-24
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) ඔව්. නිවාස ව්‍යාපෘති දෙකක් ආරම්භ කරලා තිබෙනවා.
(ii) ඒ ව්‍යාපෘති දෙක එකම තැන තමයි නම් දෙකකින් ආරම්භ කරලා තිබෙන්නේ. කලින් වතාවේත් තමුන්නාන්සේ අහපු ප්‍රශ්නවලට තිබුණේත් එකම ගමේ නම් දෙකක් පාවිච්චි කරපු ව්‍යාපෘති දෙකක් පිළිබඳවයි. (ආ) (ii) ප්‍රශ්නයට පිළිතුර වන්නේ කැලෑබොක්ක I - ගෙවල් 26කුත්, කැලෑබොක්ක II - ගෙවල් 32කුත් ලෙසයි. එකම ළඟ, එකම ආසන්නයේ, එකම තැන තමයි ගෙවල් 58ක් හදන්න කටයුතු කරලා තිබෙන්නේ. හැබැයි, තමුන්නාන්සේ කියන ආකාරයට ලක්ෂ පහක මුදලක් එක ගෙයක් වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. මේ ගෙවල්වල නිමාවේ සියයට 60, 70ක ප්‍රගතියක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, තිබෙන එකම ගැටලුව මෙයයි. මේ නිවාස වෙනුවෙන් පාරවල් නිර්මාණය වෙලා නැහැ; බෝක්කු, කානු පද්ධති නිර්මාණය වෙලා නැහැ; විදුලිය ලබාගෙන නැහැ; ජලය ලබාගෙන නැහැ. මේ ව්‍යාපෘති දෙකට විතරක් මිලියන 29ක මුදලක් ඕනෑ වෙනවා. දැනට මිලියන 17ක් වියදම් කරලා තිබෙනවා. මිලියන 29ක් වියදම් කළාට ඒ වාගේ තුන් ගුණයක විතර මුදලක් වියදම් කරන්න වෙනවා, යටිතල පහසුකම් දියුණු කරලා දෙන්න. මේ නිමා වුණු ආකාරයට අප එය සැලසුම් කරලා දෙන්නම්.
(ඇ) ඔව්.
(i) රුපියල් මිලියන 0.5 (ලක්ෂ 5)
(ii) නැත. (ආධාර පමණි)
(iii) රුපියල් මිලියන 0.5 (ලක්ෂ 5)
(iv) ඉහත (ආ) (ii) හි සඳහන් ව්‍යාපෘති දෙක සඳහා මෙතෙක් ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 17.97
(ඈ) ඔව්.
භාණ්ඩාගාරය වෙත අදාළ අවිච්ඡේද වැඩසටහන්වල මුදල් අවශ්‍යතාව ලබා දී ඇත. අය වැය මඟින් අවිච්ඡේද වැඩසටහන් සඳහා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ප්‍රමුඛතාව අනුව මුදල් ලබාදීම සිදු කරනු ඇත. ඊළඟ වතාවේදී අය වැය සඳහා ඒවා යෝජනා කරලා, ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks