01

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0248/2020: ලෙවලන්ඩ් වත්තේ "උදා ගම්මාන නිවාස වැඩසටහන": විස්තර

248/ 2020

ගරු ‍වේලු කුමාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මහනුවර දිස්ත්‍රික්කයේ, දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන්ඩ් වත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “උදා ගම්මාන නිවාස වැඩසටහන” ආරම්භ කර ඇති බව එතුමා දන්නෙහිද?‍

(ආ) එකී වැඩසටහන යටතේ ඉහත වත්තේ ආරම්භ කර ඇති —

(i) එක් එක් උදාගම්මාන නිවාස වැඩසටහන් සංඛ්‍යාව;

(ii) වැඩසටහනට ඇතුළත් නිවාස සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ඇ) එක් නිවසක් ඉදිකිරීම සඳහා එක් එක් නිවාසලාභියාට —

(i) ලබා දෙන බවට එකඟවු මුළු මුදල;

(ii) ලබාදෙන මුළු මුදලින් ණය මුදල;

(iii) ලබාදෙන මුළු මුදලින් ආධාර මුදල;

(iv) මෙතෙක් ලබාදී ඇති මුදල;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?‍

(ඈ) එක් එක් නිවාසලාභියාට අදාළ ඉතිරි මුදල ලබාදී, මෙම ව්‍යාපෘතිය නිමකිරීමට පියවර ගන්නේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)     ඔව්.

               (i)      නිවාස ව්‍යාපෘති 4ක් ආරම්භ කර ඇත.

              (ii)     

ව්‍යාපෘතියේ නම

නිවාස සංඛ්‍යාව

ලෙවලන්ඩ්වත්ත I

25

ලෙවලන්ඩ්වත්ත II

25

ලෙවලන්ඩ්වත්ත III

26

ලෙවලන්ඩ්වත්ත IV

24

එකතුව

100


(ඇ)     ඔව්.

               (i)      රුපියල් මිලියන 0.5 (ලක්ෂ 5)

(ii) නැත. (ආධාර පමණි)

(iii) රුපියල් මිලියන 0.5 (ලක්ෂ 5)

(iv) ඉහත (ආ) (ii) හි සඳහන් ව්‍යාපෘති 4 සඳහා මෙතෙක් ලබාදී ඇති මුළු මුදල - රුපියල් මිලියන 17.339

 (ඈ)    ඔව්.

භාණ්ඩාගාරය වෙත අදාළ අවිච්ඡේද වැඩසටහන්වල මුදල් අවශ්‍යතාව ලබා දී ඇත. අය වැය මඟින් අවිච්ඡේද වැඩසටහන් සඳහා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ප්‍රමුඛතාව අනුව මුදල් ලබා දීම සිදු කරනු ඇත.

එහි ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය සොයා බලා, ඒ පුද්ගලයන් සත්‍ය වශයෙන් ඒ නිවාසවල අයිතිය තිබෙන පුද්ගලයන්ද කියා සොයා බලා අවශ්‍ය කටයුතු කරනවා. අපි දැනටමත් ඒ සමීක්ෂණය කරමින් පවතිනවා.

(ඉ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks