පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0902/’10
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව ප්‍රාග්ධන සමූපකාර සමිතියට අනුබද්ධ බැංකුවේ ආරම්භ කර ඇති ළමා ඉතිරි කිරීම් ගිණුම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගිණුම් හිමියන්ගේ නම් කවරේද;
(iii) මෙම බැංකුවේ තැන්පත් කරන මුදල්වලින් බැංකුවේ නිලධාරීන්ට හා වෙනත් පුද්ගලයින්ට ණය මුදල් ලබාදී තිබේද;
(iv) එසේ නම්, ණය ලබා දී ඇති අයගේ නම් සහ ලිපිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එලෙස ලබාගත් ණය මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති බවත්;
(ii) ගෙවීම් පැහැර හැර ඇති අය සම්බන්ධව එම බැංකුව මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) එම ණය ගෙවීම් පැහැර හැර ඇති අයගේ නම් කවරේද;
(ii) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-03-24
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks