පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0901/’10
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කය හරහා ගලාබසින කුඹුක්කන් ඔය හරස් කර, මොනරාගල - බිබිල පාරේ, හොරගොල්ල ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;
(ii) එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත දින වකවානු කවරේද;
(iii) එම ජලය මොනරාගල දිස්ත්‍රික්කයෙන් පිටතට ගෙනයාමට සැලසුම් කර තිබේද;
(iv) එසේ නොමැති නම්, එමඟින් ජලය ලබා දෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශය කවරේද;
(v) මෙම ජලාශය ඉදිකිරීමේදී ඊට යටවන ඉඩම් සඳහා විකල්ප ඉඩම් ලබා දීමටත්, ඉඩම් හා දේපල වෙනුවෙන් වන්දි ලබා දීමටත් කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-03-23
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks