පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
217/2020
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— වෙළඳ අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ —
(i) ශ්රී ලංකාවට ආනයනය කළ මුං ඇට ප්රමාණය;
(ii) ඒ සඳහා වැය වූ මුදල;
(iii) එම මුං ඇට ආනයනය කළ රටවල්;
(iv) එම මුං ඇට ආනයනය කළ සමාගම්වල නම්;
කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) උක්ත කාලසීමාව තුළ ශ්රී ලංකාවට මුං ඇට ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-09
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්යාංශය
වෙළෙඳ
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුදල් අමාත්යාංශය යටතේ පවතින ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව වාර්ෂිකව ශ්රී ලංකාවට ආනයනය කළ මුං ඇට ප්රමාණය පහත වගුව මඟින් දක්වා තිබෙනවා. පසුගිය රජය සමයේ ආනයනය කළ මුළු ප්රමාණය කිලෝ ග්රෑම් මිලියන 30.7ක් පමණ වෙනවා.
|
වර්ෂය |
ප්රමාණය (කිලෝග්රෑම්) |
|
2015 |
11,540,298.70 |
|
2016 |
13,885,276.36 |
|
2017 |
15,585,209.00 |
|
2018 |
16,448,555.42 |
|
2019 |
13,296,768.55 |
|
එකතුව |
70,756,108.03 |
(ii) 2015 සිට 2019 දක්වා ආනයනය කළ මුං ඇට සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 11කට වැඩියි, ගරු මන්ත්රීතුමනි.
|
වර්ෂය |
මුදල (රුපියල්) |
|
2015 |
2,040,392,472 |
|
2016 |
2,265,139,375 |
|
2017 |
2,283,822,764 |
|
2018 |
2,242,484,061 |
|
2019 |
2,189,567,299 |
|
එකතුව |
11,021,405,971 |
(iii) ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව මුං ඇට ආනයනය කළ රටවල් ඇමුණුම 01 වශයෙන් නම් කර පහත දක්වා ඇත.
ඒ අනුව ඕස්ට්රේලියාව, ඉන්දියාව, චීනය, තායිලන්තය සහ තවත් රටවල් රාශියකින් මුං ඇට ආනයනය කර තිබෙනවා.
(iv) ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව මුං ඇට ආනයනය කළ සමාගම්වල නම් ඇමුණුම 02හි දක්වා ඇත.
ඇමුණුම 02 සභාගත* කරමි.
(ආ) මේ කාල පරිච්ඡේදය තුළ මුං ඇට ආනයනයට වැය කළ මුළු මුදල රුපියල් මිලියන 11,021කට වැඩි අගයක් ගන්නවා. ඒ පිළිබඳ සංඛ්යා, දත්ත පිළිතුරේ සඳහන් වෙනවා.
ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව, එම කාල සීමාව තුළ ශ්රී ලංකාවට මුං ඇට ආනයනය සඳහා වැය වූ මුළු මුදල රුපියල් 11,021,405,971කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks