01

E   |   த   |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0216/2020: Importation of Undhu 2015-2019

216/2020

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ —

              (i)       ශ්‍රී ලංකාවට ආනයනය කළ උඳු ප්‍රමාණය කොපමණද;

             (ii)       ඒ සඳහා වැය වූ මුදල කොපමණද;

            (iii)       එම උඳු ආනයනය කළ රටවල් කව‍රේද;

            (iv)       එම උඳු ආනයනය කළ සමාගම්වල නම් කවරේද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට උඳු ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මුදල් අමාත්‍යාංශය යට‍තේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ උඳු ප්‍රමාණය පහත දක්වා ඇත.

වර්ෂය

 ප්‍රමාණය (කිලෝග්‍රෑම්)

 

රසායනික පිළියම් කිරීම මගින් වැපිරීම සඳහා සහතික කරන ලද හා ආහාරයට ගැනීමට නුසුදුසු බවට සලකන උඳු වර්ගයේ ඇට

අනෙකුත් (Black gram)

ආනයනය කරන ලද මුළු ප්‍රමාණය

2015

-

7,441,517

7,441,517

2016

-

11,967,014

11,967,014

2017

3

12,767,220

12,767,223

2018

1

12,414,263

12,414,264

2019

167

7,620,732

7,620,900

එකතුව

171

52,210,746

52,210,917

(ii)  ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ උඳු සඳහා වැය වූ මුදල පහත දක්වා ඇත.

  වර්ෂය

 මුදල (රුපියල්)

 

රසායනික පිළියම් කිරීම මගින් වැපිරීම සඳහා සහතික කරන ලද හා ආහාරයට ගැනීමට නුසුදුසු බවට සලකන උඳු  වර්ගයේ ඇට

අනෙකුත් උඳු

ආනයනය සඳහා වැය වූ මුළු මුදල

2015

-

1,535,341,968

1,535,341,968

2016

-

3,257,550,556

3,257,550,556

2017

2,362

1,993,445,226

1,993,447,588

2018

1,122

1,365,050,255

1,365,051,377

2019

18,454

1,179,037,311

1,179,055,765

එකතුව

21,938

9,330,425,316

9,330,447,254

 

(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව උඳු ආනයනය කළ රටවල්  පහත පරිදි වේ. 

 

Code

Country

IN

India

MM

Myanmar

TH

Thailand

SG

Singapore

AU

Australia

AE

United Arab Emirates

CN

China

RU

Russian Federation

MG

Madagascar

GB

United Kingdom

US

United States

NI

Nicaragua

Source: Sri Lanka Customs

 

(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම උඳු ආනයනය කළ සමාගම්වල නම් ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ආ) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට උඳු ආනයනය සඳහා වැය වූ මුළු මුදල රුපියල් 9,330,447,254කි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2020-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks