බලන්න

02

E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0213/2020: 2015 සිට 2019 දක්වා යකඩ සහ වානේ ආනයනය: විස්තර

213/2020 ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයක් තුළ; (i) ශ්‍රී ලංකාවට ආනයනය කළ යකඩ සහ වානේ ප්‍රමාණය; (ii) ඒ සඳහා වැය වූ මුදල; (iii) එම යකඩ සහ වානේ ආනයනය කළ රටවල්; (iv) එම යකඩ සහ වානේ ආනයනය කළ සමාගම්වල නම්; කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද; (ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට යකඩ සහ වානේ ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පිළිතුර ඇමුණුම 01හි දක්වා ඇත.

              (ii)      පිළිතුර ඇමුණුම 02හි දක්වා ඇත.

             (iii)      පිළිතුර ඇමුණුම 03හි දක්වා ඇත.

             (iv)      පිළිතුර ඇමුණුම 04හි දක්වා ඇත.

 

ඇමුණුම් සභාගත* කරමි.

(ආ)     රුපියල් 519,297,110,299.00 (රුපියල් මිලියන 519.297)

(ඇ)     පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks