02

E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0212/2020: 2015-2019 කාලයේ ප්ලාස්ටික් ආනයනය: විස්තර

212/2020 ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයක් තුළ; (i) ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්ලාස්ටික් ප්‍රමාණය; (ii) ඒ සඳහා වැය වූ මුදල; (iii) එම ප්ලාස්ටික් ආනයනය කළ රටවල්; (iv) එම ප්ලාස්ටික් ආනයනය කළ සමාගම්වල නම්; කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද; (ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 (අ)        (i)      2015 සිට 2019 දක්වා ආනයනය කළ ප්ලාස්ටික් ප්‍රමාණය ඇමුණුම් 01හි දැක්වේ.

              (ii)      ආනයනය සඳහා වැය වූ මුදල ඇමුණුම් 02හි දැක්වේ. 

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

 

* සභාමේසය මත තබන ලද ඇමුණුම්:

   சபாபீடத்தில்  வைக்கப்பட்ட இணைப்புக்கள் :

   Annexes tabled:

 

ඇමුණුම් 01  

Import Quantity (Kg) 2015-2019

 

TYPE

Year

Qty (Kg)

Plastic

2015

89,574,535

 

2016

   101,416,396

 

2017

   104,996,012

 

2018

   115,238,694

 

2019

   100,484,365

Plastic Total

 

   511,710,002

Primary form of plastic and polyethylene

2015

   300,363,204

 

2016

   323,921,564

 

2017

   312,058,127

 

2018

   323,792,006

 

2019

   330,419,045

Primary form of plastic and polyethylene

 

1,590,553,946

Grand Total

 

2,102,263,948

 

ඇමුණුම් 02  

Import Value (Rs) 2015-2019

TYPE

Year

CIF Value  (Rs)

Plastic

2015

38,385,612,306

 

2016

39,378,009,844

 

2017

43,131,169,749

 

2018

  55,657,156,857

 

2019

  50,737,440,346

Plastic Total

 

227,289,389,101

Primary form of plastic and polyethylene

2015

  55,429,793,596

 

2016

57,578,084,370

 

2017

  63,023,241,319

 

2018

  73,614,495,257

 

2019

  73,056,636,504

Primary form of plastic and polyethylene

 

322,702,251,046

Grand Total

 

549,991,640,147

 

(iii) ප්ලාස්ටික් ආනයනය කළ රටවල් ඇමුණුම 03හි දක්වා ඇත. 

   (iv) ඔව්.  ඇමුණුම 04හි දක්වා ඇත.

ගරු කථානායකතුමනි, ඇමුණුම් 03 සහ 04 සභාගත** කරමි.

(ආ) ඔව්. රුපියල් 549,991,640,147.00 (රුපියල් මිලියන 549,991)

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks