01

E   |     |  

 දිනය: 2021-03-23   පිළිතුර ලබා දී ඇත 

0196/2021: පැය නවයක් විදුලිය විසන්ධි වීම: අලාභය

----

අසන ලද දිනය

2021-03-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020 අගෝස්තු 17 වැනි දින පද්ධති බිඳ වැටීමක් නිසා පැය නවයකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීමක් සිදු විය.

       (ii)/(iii)         මෙම විදුලිය බිඳ වැටීම නිසා රටේ සමස්ත ආර්ථිකයට සිදු වූ අලාභය නිවැරැදිව ගණනය කර නැත. එය නිවැරදිව ගණනය කිරීමේ ක්‍රමවේදයක් නැහැ. එය ඉතාම අසීරු මෙන්ම සංකීර්ණ වූ කාර්යයකි. එවැනි ගණනය කිරීමක් සඳහා රටේ ආර්ථික ක්ෂේත්‍රය  සම්බන්ධ දත්ත විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලසුම් කටයුතු සඳහා භාවිත වන දර්ශකයක් වන, "සැපයීමට නොහැකි වූ විදුලිය නිසා වන පිරිවැය" - Cost of Energy Not Served - නැමැති ඉතා දළ මිනුම් දණ්ඩක් ආශ්‍රිතව කරනු ලබන ඇස්තමේන්තුවක් ඇසුරින් එම අලාභය මැනීමේදී, එක් විදුලි එ්කකයක් සැපයීමට නොහැකිවීමෙන් රටේ ආර්ථිකයට සිදු විය හැකි පාඩුව රුපියල් 136ක් වශයෙන් සලකනු ලැබේ. ඒ අනුව, අදාළ දිනයේ -2020.08.17 දින- සිදු වූ බිඳ වැටීම් නිසා සැපයීමට නොහැකි වූ විදුලි ඒකක ප්‍රමාණය දළ වශයෙන් ඒකක මිලියන 10.8ක් පමණ වනවා. ඉහත කී දර්ශකයට අනුව මෙම විදුලිය විසන්ධිවීම හේතුවෙන් රටේ ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 1,471ක් ලෙස ගණනය කළ හැකියි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-03-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks