පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-10
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් සංඛ්‍යාව 15කි.
(ii) ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ගේ නම් සහ ඔවුන්ගේ සුදුසුකම් වෙන් වෙන් වශයෙන් පහත සඳහන් පරිදි වේ.
(iii) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතෙහි වගන්ති අංක 4 සිට 21 දක්වා ජාතික ක්‍රීඩා සභාව පිළිබඳව දක්වා ඇති විධිවිධාන සහ 1973 නොවැම්බර් 02 දිනැති අංක 84 දරන ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝග අනුව ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ගෙන් ලබා ගැනීමට අපේක්ෂිත සේවය පහතින් දක්වා ඇත.
1. ක්‍රීඩා දියුණු කිරීම, ක්‍රීඩා නඟා සිටුවීම, ක්‍රීඩා සංවර්ධනය කිරීම හා ක්‍රීඩා පාලනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයා වෙත උපදෙස් දීම. (ක්‍රීඩා පනත - අංක 4(1) වගන්තිය)
2. ජාතික ක්‍රීඩා සභාව වෙත අමාත්‍යවරයා විසින් යොමු කරනු ලබන කිසියම් කරුණක් පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම. (ගැසට් පත්‍රය - අංක 2 නියෝගය)
3. පහත සඳහන් කරුණු පිළිබඳව සභාව විසින් සිය අවශ්‍යතාව මත අමාත්‍යවරයාට උපදෙස් දීම. (ගැසට් පත්‍රය - අංක 3 නියෝගය)
· ක්‍රීඩා පිටි, පිහිනුම් තටාක, ක්‍රීඩාංගණ, ගෘහස්ථ ක්‍රීඩා ශාලා ඉදිකිරීම සහ ක්‍රීඩා සම්බන්ධ වෙනත් පහසුකම් සැපයීම
· ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික සැලැස්මක්
· ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම
· ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීම
· ජාතික ක්‍රීඩා දින දර්ශනයක් පිළියෙල කිරීම
· ජාතික ක්‍රීඩා අරමුදල පිහිටුවීම සහ පරිපාලනය කිරීම
· ජාතික ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම
· ජාතික යෝග්‍යතා වැඩ පිළිවෙළක්
· ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් සඳහා රැකියා පහසුකම්
· ක්‍රීඩා සංවර්ධනයෙහි ප්‍රමුඛතා
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks