පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
191/2020 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) කිළිනොච්චි නගර මධ්‍යයේ පිහිටා ඇති පොදු ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමට 2010 වර්ෂයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මේ වනවිට දස වසරක් ගත වී තිබුණ ද, එම ක්‍රීඩාංගණය දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයන්ගේ ප්‍රයෝජනය සඳහා මේ දක්වා භාර දී නොමැති බව එතුමා දන්නෙහිද? (ආ) (i) මෙම ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක්ද; නොඑසේ නම්, දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩාංගණයක්ද; (ii) ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් කරන ලද මුදල කොපමණද; (iii) ඉහත මුදලින් පසුගිය වර්ෂ 10 තුළදී වැය කර ඇති මුදල කොපමණද; (iv) ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත් අත්සන් කර ඇති කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව කොපමණද; (v) කොන්ත්‍රාත් කටයුතු සිදු කරන වර්තමාන කොන්ත්‍රාත්කරුගේ නම කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) මෙම ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රමාදය, දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කටයුතුවලට කෙතරම් දුරට බලපා තිබේද; (ii) දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීමට අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-04
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2010 වර්ෂයේ දී නොව 2011 වර්ෂයේ දී ය. ඒ අනුව, 2011.10.11 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කර වැඩ ආරම්භ කරන ලදී. මුල් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 325කි.
(ආ) (i) මෙම ක්‍රීඩාංගණය පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයකි. එහි මීටර 400 ධාවන පථයක්, මීටර 50 මංතීරු 8කින් යුත් පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක් හා ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඇතුළත් වේ.
(ii) මෙම ක්‍රීඩාංගණයේ මුල් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 325කි.
(iii) ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 275ක් පමණි.
(iv) කොන්ත්‍රාත් ආයතන 2කි. 2011 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ව්‍යාපෘතිය ප්‍රදානය කර තිබූ අතර, ඇති වූ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් 2018.03.15 දින රුපියල් මිලියන 142 මුදලකට අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ව්‍යාපෘතිය ප්‍රදානය කරන ලදී.
(v) ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් වර්තමාන කොන්ත්‍රාත් කටයුතු සිදු කරනු ලබයි.
(ඇ) (i) 2018 වර්ෂයේ සිට මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු නොවූ නිසා 2018 වර්ෂයේ දී ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ප්‍රදානය කළ ද 20%ක අත්තිකාරම් මුදල් පවා ගෙවීමට නොහැකි විය. එම අත්තිකාරම් මුදලින් මේ වන විට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 10ක් පමණි. මේ දක්වා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් යුද හමුදාව වෙත ගෙවා ඇති මුළු මුදල වන්නේද එම මිලියන 10 පමණි.
තවද, මෙම ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය හා ගෘහස්ථ ක්‍රීඩාගාරය අවම පහසුකම් යටතේ සංවර්ධනය කර ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි. ඉතිරි වැඩ අවසන් කිරීම යුද හමුදාව වෙත පවරා ඇති අතර, මීටර් 400 ධාවන පථයක් ද ඉදිකිරීමට නියමිතය.
මේ යටතේ ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඉදිකිරීම් ආරම්භ කර සිදුකර ගෙන යාමේදී කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය සමඟ ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට නතර කර ඇත. මේ සදහා වෙනත් ඉඩමක් දිස්ත්‍රික් ලේකම් මඟින් වෙන් කිරීමට කටයුතු කිරීමට නියමිතය.
ගරු කථානායකතුමනි, මේ පිහිනුම් තටාකය තමයි පසුගිය ආණ්ඩුව කාලයේ විවෘත කළේ. හැබැයි, එය විවෘත කරනකොටත් ඒ දරුවන්ට පාවිච්චියට ගන්න පුළුවන් මට්ටමක ඒ පිහිනුම් තටාකය තිබුණේ නැහැ, ගරු මන්ත්‍රීතුමනි. එවන් තත්ත්වයක් තිබියදීත්, එම පිහිනුම් තටාකය විවෘත කරන දවසේ උත්සවයකුත් තිබුණා, ගරු කථානායකතුමනි. නමුත්, අවසානයේ එම පිහිනුම් තටාකය පාවිච්චියට ගන්න බැරිවුණා.
(ii) මෙම ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට 2021 අය වැය සඳහා ඇතුළත් කර ඇති බව කාරුණිකව දන්වමි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks