04

E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0184/2020: එළුවයිතීවු පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය නොපැවැත්වීම: හේතු

184/2020

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      යාපනය දිස්ත්‍රික්කයේ දූපත් කලාපයේ, එළුවයිතීවු නමැති දූපතක් තිබෙන බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       එම දූපතේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව;

             (ii)       එළුවයිතීවු හා ඌර්කාවට්තුරෛ අතර මුහුදු දුර ප්‍රමාණය නාවික සැතපුම් වලින්; 

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එළුවයිතීවු නමැති  ඉපැරණි දූපතේ පිහිටි සරවණබවා විදුහලේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට අවසන් වරට සිසුන් පෙනී සිටි වර්ෂය;

(ii) එම පාසලේ සිසුන් මේ වනවිට ඉහත විභාගයට පෙනී සිටින ස්ථානය;

(iii) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය එළුවයිතීවුහිදී පැවැත්වීමට ඇති බාධාව; 

කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        ඔව්.                                              ‍

(ආ)          (i)      02කි.

                (ii)      අදාළ නොවේ.  

(ඇ)           (i)      එළුවයිතීවු දූපතේ සරවණබවා නමැති විදුහලක් නොමැත.

                (ii)         අදාළ නොවේ.

               (iii)      ඔව්.

           එළුවයිතීවු හි අ.පො.ස. (සා. පෙළ) දක්වා ඇති එකම පාසල වන එළුවයිතීවු මුරුගවෙල් විද්‍යාලයේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටින්නේ සිසුන් 06 දෙනෙකු පමණි. ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැති හෙයින් එම සිසුන් අදාළ විභාගය සඳහා පෙනී සිටීමට යා/කරම්පොන් ලිට්ල් ෆ්ලවර්ස් බාලිකා මහ විදුහල වෙත යොමු කරනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks