පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-23
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
2014.12.10 දින එලුවයිතීවු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටියදී ඇන්ටනී ජේසුදාසන් මහතා නාවික හමුදා ඩෝරා යාත්‍රාවක ගැටී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බවට කයිට්ස් පොලීසිය මඟින් කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත B වාර්තාවකින් කරුණු වාර්තාකොට ඇත.
(ii) හදිසි අනතුරකි. ලඝු නොවන පරීක්ෂණයේ මූලික අදියරවලදී අගතියට පත් පාර්ශ්වයට මුදලින් රුපියල් ලක්ෂ 03ක් සහ රුපියල් ලක්ෂ 03කට අධික වටිනාකමකින් යුතු ෆයිබර් ග්ලාස් ඩිංගි බෝට්ටුවක්, පිටත දහන යන්ත්‍රයක් සහ දැල් ආම්පන්න ලබා දීමට නාවික හමුදාව එකඟ වූ නමුත් අදාළ පාර්ශ්වයේ එකඟතාව නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග වෙමින් පවතින අතර, නඩුවේ තින්දුව ලබා දීමෙන් පසු වන්දි ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ලැබේ.
(iii) ඔව්.
(ආ) (i) මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නඩුව සම්බන්ධයෙන් ලබා දෙන අවසන් තීරණය මත ඉදිරි කටයුතු සිදු කරනු ඇත.
(ii) 2014.12.19 දින කයිට්ස් පොලීසිය B වාර්තාවක් මඟින් කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බැවින්, ඒ අනුව කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයේ ඊට අදාළ නඩුව පවත්වාගෙන යනු ලබයි.
(iii) නඩු අංකය - B 367/14
නඩු පැවරීම - කයිට්ස් පොලීසිය මඟින්
නඩු පැවරූ අධිකරණය - කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය
(iv) අදාළ නඩුව කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයේ තවදුරටත් විභාග වෙමින් පවතී.
(ඇ) (i) නොදනී.
(ii) එවැනි බලපෑමක් සිදුවන බව සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-03-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks