පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-09
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
අවිස්සාවේල්ල, නැඟෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. එම සිද්ධියට අදාළව මරික්කාර් මන්ත්‍රීතුමා අසා තිබෙන ප්‍රශ්නයට මා පිළිතුරු දෙනවා. ගරු කථානායකතුමනි, වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු කැබිනට් අමාත්‍යවරු වශයෙන් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාත්, ගාමිණී ලොකුගේ ඇමතිතුමාත්, මමත් ඉදිරිපත් වෙලා මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් මඟින් විශේෂ කමිටුවක් පත් කරලා, අසාධාරණයට ලක් වුණු සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා විධිවිධාන සලසා ගෙන යනවා. මේ ප්‍රශ්නයට තිබෙන පිළිතුර දීර්ඝ නිසා, ගරු මන්ත්‍රීතුමාට පැහැදිලි කර ගැනීම සඳහා ඒ කාරණා ටික පමණක් කියවන්න මම බලාපොරොත්තු වනවා.
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේ යි.
(අ) සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් ලබාදී ඇති තොරතුරුවලට අනුව, ඔව්.
(ආ) (i) තැන්පත් මුදල් අදාළ තැන්පත්කරුවන්ට ලබාදීම සඳහා ගෙන ඇති පියවර සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් ලබාදී ඇති තොරතුරුවලට අනුව ඇමුණුමෙහි* දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ii) මෙම සමිතිය විසින් ආයෝජනය සිදුකර ඇති එන්ට්‍රස්ට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන යොදමින් සිටින බැවින් එම සමිතිය ආයෝජන කර ඇති ආයෝජන සම්බන්ධයෙන් වන නෛතික ක්‍රියාවලිය අවසන් වනතුරු තැන්පත්කරුවන්ට මුදල් ආපසු ලබාදීමට ගතවන කාලය සම්බන්ධයෙන් දැන්වීමක් සිදු කළ නොහැකි බව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් විසින් දන්වා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-03-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks