පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-23
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) පුවත් පත් හා අනෙකුත් මාධ්‍ය ජාල මගින් අසාර්ථක වූ බව ප්‍රකාශ කළ ගල්කිස්ස වෙරළ තීරයෙහි වැලි පෝෂණ ව්‍යාපෘතිය අසාර්ථක වූ බවට විද්‍යාත්මකව තහවුරු කර නොමැත. 2017 වර්ෂයේ ආරම්භ කළ ගල්කිස්ස වෙරළ තීරයෙහි වැලි පෝෂණ ව්‍යාපෘතිය 2020 අප්‍රේල් මාසය වනවිට අවසන් වූ අතර, මේ වනවිට අපේක්ෂිත කළ ඉතා පුළුල් වෙරළ තීරය නිර්මාණය වී තිබීම මගින් එම ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය තහවුරු වේ. මීට අමතරව, 2012 වර්ෂයේදී උස්වැටකෙයියාව වෙරළ තීරය සහ 2013 වර්ෂයේදී මාරවිල වෙරළ තීරය, 2015 වර්ෂයේදී උණවටුන වෙරළ තීරය සහ 2016-2017 වර්ෂවල මාරවිල වෙරළ තීරය යනාදියෙහි මෙම වැලි පෝෂණ ව්‍යාපෘති සාර්ථකව කර ඇත. උණවටුන වෙරළ තීරය කොවිඩ් අර්බුදයට පෙර ඉතා සාර්ථකව සංචාරක කටයුතු සිදු වූ වෙරළ තීරයක් බවට පත්වී තිබුණි.
(ආ) (i) මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගත් ක්‍රමවේදය වන යාන්ත්‍රික වැලි පෝෂණ කිරීම සාර්ථක වී ඇති බැවින් මෙම ක්‍රමවේදය හේතුවෙන් රජයට පාඩුවක් සිදු වී නොමැත. කෙසේ වෙතත්, එම වෙරළ තීරයේ හැසිරීම පිළිබඳ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් පවතී.
(ii) මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළ තීරයට හා මුහුදු පරිසර පද්ධතියට ඇති වන බලපෑම පිළිබඳ අධීක්ෂණයට පසු විපරම් කමිටුවක් පත් කර ඇත. මෙම කමිටුව මඟින් ව්‍යාපෘතිය සම්බන්ධව ධනාත්මක පාරිසරික බලපෑම් හඳුනාගෙන ඇති අතර, ඍණාත්මක බලපෑම් මේ වනතුරු හඳුනාගෙන නොමැත. මෙයට අමතරව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස වෙරළ තීරයෙහි හැසිරීම පිළිබඳ අධීක්ෂණය කරනු ලබයි. තවද ගැඹුරු මුහුදේ වැලි ලබාගත් ප්‍රදේශ ආශ්‍රිතව පසු විපරම් අධ්‍යයන කිරීමට නාරා ආයතනයට පවරා ඇත. ඒ අනුව පසු විපරම් කිරීම අඛණ්ඩව සිදු වන බැවින්, ඉදිරියේදී යම් පාරිසරික ගැටලුවක් හඳුනාගතහොත්, ඒ පිළිබඳ ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-02-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks