පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
166/2020
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉඩම් ඔප්පු හිමිකම් නොමැති නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාස සඳහා ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළක් තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-09
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉඩම් ඔප්පු හිමිකම් නොමැති පවුල් සංඛ්‍යාව 1,901කි. (ඇමුණුම I*) එයින්, 28ක් රජය සතු ඉඩම්වල ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පවුල් 725ක් ද පදිංචිව සිටින අතර අනිත් පවුල් ඉඩම් ගොඩකිරීමේ හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩම්වල හා නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සතු ඉඩම්වල ද පුද්ගලික ඉඩම්වල ද පදිංචිව ඇත.
(ii) ඉහත රජය සතු ඉඩම්වල පදිංචි පවුල් 28 සඳහා හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් කට්ටි සඳහා ඔප්පු ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.
(iii) ඉහත රජය සතු ඉඩම් සඳහා බදුකර ලබාදීමේ සහ සම්පූර්ණ තක්සේරු මුදල ගෙවන පුද්ගලයන් සඳහා දීමනා පත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් කට්ටිවල අනවසර පදිංචිකරුවන්ටද චක්‍රලේඛ පරිදි නියමිත මුදල් ගෙවා ඔප්පු ලබා ගන්නා ලෙස දැනුවත් කර ඇත.
(ආ) අදාළ නොවේ.
ඇමුණුම 1 සභාගත* කරමි.
—————————
* පුස්තකාලයේ තබා ඇත.
* நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2020-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks