04

E   |     |  

 දිනය: 2020-10-07   පිළිතුර ලබා දී ඇත 

0163/2020: කොළොන්නාව ප්‍රා.ලේ. කොට්ඨාසය: ජල සහ මලාපවාහන පහසුකම් නොමැති නිවාස

163/2020 ගරු එස්.එම්. මරික්කාර් මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි; (i) ජල; (ii) මලාපවාහන; පහසුකම් නොමැති නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) එම එක් එක් නිවාස ඒකක සඳහා ඉහත පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළ වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-07

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       2012 ජන හා නිවාස සංගණනයට අනුව කො‍ළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරි වසම් 46 හි පිහිටි මුළු නිවාස සංඛ්‍යාව 44,536කි. අනවසර ඉදිකිරීම් නොවන සියලු නිවාස සඳහා ජල සැපයුම් ලබා දී ඇත. මලාපවහන සම්බන්ධතා නොමැති නිවාස සංඛ්‍යාව 41,746කි.

(ආ)         (i)      ඔව්.

              (ii)      එම වැඩ පිළිවෙළ පහත පරිදි වේ.   

*      ජල සම්පාදන පහසුකම්

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෙකු සඳහා දැනට මණ්ඩලය තුළ ක්‍රියාත්මක සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නව ජල සම්බන්ධතාවක් ලබා  ගැනීමේ හැකියාව පවතී.

* මලාපවහන පහසුකම්

කොළොන්නාව මලාපවහන පද්ධතිය මඟින් කොළොන්නාව නගර සභා සීමාව තුළ ඇති ග්‍රාම නිලධාරි වසම් 13න් වසම් 9ක පිහිටි නිවාස 2,790ක් ආවරණ  වේ. ඉතිරි වසම් 4න් අවශ්‍යතාවෙහි ප්‍රමුඛතාව මත හඳුනාගත් ප්‍රදේශවල පිහිටි නිවාස ඒකක 3,700ක් සඳහා වසර 03ක් ඇතුළත පහත ව්‍යාපෘති මඟින් මලාපවහන සම්බන්ධතා ලබා දීමට සැලසුම් කර ඇත.

i. අපජල සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ii. සේදවත්ත අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතිය

කොළොන්නාව නගර සීමාවෙන් බැහැරව ඇති ග්‍රාම නිලධාරි වසම්වල පිහිටි නිවාස, ආසන්න වශයෙන් 41,746ක ප්‍රමාණයක් පූතික ටැංකි - septic tanks - විමධ්‍යගත අපජල පද්ධති - DEWATS - හා සනීපාරක්ෂිත නොවන වළ වැසිකිළි - cesspits - වැනි අවිධිමත් ක්‍රම මඟින් අපජලය බැහැර කරයි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks