01

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0158/2020: Pump houses to reduce flood damages in Kolonnawa Divisional Secretariat area

158/2020

ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)     කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට බලපාන ගංවතුර අවදානම අවම කිරීම සඳහා පොම්පාගාර පහක් ඉදි කිරීමේ කටයුතු පසුගිය කාලයේදී ආරම්භ කරන ලද බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එම පොම්පාගාර පහ ඉදිකිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(ii) එලෙස වෙන් කරන ලද මුදලින් සිදු කරනු ලැබූ වැඩ ප්‍රමාණය එක් එක් පොම්පාගාරය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත පොම්පාගාර පහෙන් මේ වනවිට මුළුමනින්ම වැඩ අවසන් කර ඇති පොම්පාගාර සංඛ්‍යාව කවරේද;

(iv) වැඩ අවසන් නොවූ එක් එක් පොම්පාගාරවල වැඩ අවසන් කිරීමට නියමිත දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ගංවතුර අවදානම පාලනය කිරීම සඳහා පොම්පාගාර තුනක් යෝජනා වී ඇති බව දනිමි. ඔබතුමා අහලා තිබෙන්නේ පහක් ගැනයි.

(ආ)         (i)      ප්‍රතිපාදන වෙන් වී නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

(ඇ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks