පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
155/2020 ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කොළාන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අඹතලේ, සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ මහා මාර්ගයට යාබදව ඇති මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලේ බිත්ති ඉරිතැලීමකට ලක්වී ඇති බවත්; (ii) ඒ හේතුවෙන් එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ ජීවිත අවදානමට ලක් වී ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය මඟින් ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-19
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) අඹතලේ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ මහා මාර්ගයට යාබද තෙමහල් ගොඩනැඟිල්ලේ බිත්ති ඉරි තැලී අවදානම් තත්ත්වයක් පවතින බව හඳුනාගෙන ඇති අතර, ඉන් සිසු දරුවන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
(ආ) මෙම අවදානම් තත්ත්වය පිළිබඳව විදුහල්පතිනිය ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් ඒ පිළිබඳව ප්‍රාදේශීය ඉංජිනේරු - බත්තරමුල්ල වෙතින් නිරීක්ෂණ වාර්තාවක් ලබාගෙන ඇත. ප්‍රාදේශීය ඉංජිනේරු විසින් පවතින තත්ත්වය පිළිබඳව සකස් කළ නිරීක්ෂණ වාර්තාව ගොඩනැඟිල්ල සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ උපදෙස් ලබා ගැනීමට බස්නාහිර පළාත් ඉංජිනේරු කාර්යාංශයේ අධ්‍යක්ෂ - ඉංජිනේරු වෙත ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 01හි* සඳහන්ව ඇත.) අධ්‍යක්ෂ - ඉංජිනේරුගේ නිරීක්ෂණ වාර්තාව මඟින් ව්‍යුහාත්මක අලුත්වැඩියාවක් සිදු කිරීමෙන් මෙම ගොඩනැඟිල්ල තව අවුරුදු 10ක් ඉදිරියට පවත්වාගත හැකි බවට නිර්දේශ කර ඇත. (ඇමුණුම 02හි* සඳහන්ව ඇත.) මේ වන විට ව්‍යුහාත්මක අලුත්වැඩියාව සඳහා ඇස්තමේන්තු සකස් කිරීමට අධ්‍යක්ෂ - ඉංජිනේරු වෙත දන්වා ඇත.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
බස්නාහිර පළාතේ පාසැල් සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ වසරකට වරක් යාවත්කාලීන කරනු ලබන ප්‍රමුඛතා ලේඛනයකට අනුවයි. 2019 සහ 2020 වර්ෂවල අය වැය සම්මත කර ගැනීමක් නොවුණු නිසා මෙම ප්‍රමුඛතා ලේඛන අනුව සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී ගැටලු ඇති විය. කෙසේ නමුත් 2020 වසරේ පරිපූරක ඇස්තමේන්තු මඟින් සලසා දුන් සීමිත ප්‍රතිපාදන වැය කර පෙර වර්ෂයේ අවසන් කළ ව්‍යාපෘතිවල ගෙවීම් කිරීම සහ ඉතාම සීමිත අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු පමණක් ඉටු කර ඇත.
මෙම අවදානම් ගොඩනැඟිල්ලෙන් සිසුන් ඉවත් කර පන්ති කාමර අවශ්‍යතාව කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇත. සාපේක්ෂව ඉහළ ප්‍රමුඛතාවක් සහිත ව්‍යාපෘති පැවතීම හා 2020 වසරේ ඉටු කිරීමට නොහැකි වූ අත්‍යාවශ්‍ය ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබාදීමට සිදුවීම නිසා 2021 සංවර්ධන සැලැස්මටද මෙය ඇතුළත් කිරීමට නොහැකි විය.
නමුත් ඉංජිනේරු ඇස්තමේන්තුව ලැබුණු පසු ගොඩනැඟිල්ලේ පිහිටීම, පැරණි බව, ව්‍යුහාත්මක අලුත්වැඩියාවක් සඳහා කළ යුතු වියදම හා අලුත්වැඩියාවකින් පසු ගොඩනැඟිල්ලේ ආයු කාලය සහ ඇතිවිය හැකි සමාජමය බලපෑම වැනි කරුණු සැලකිල්ලට ගෙන ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම හෝ කඩා ඉවත් කිරීම පිළිබඳව තීරණය කිරීමට නියමිතය. ඒ අනුව අලුත්වැඩියා කිරීමට හෝ කඩා ඉවත් කර නව ගොඩනැඟිල්ලක් ඉදි කරීමට අවශ්‍ය ප්‍රතිපාදන 2022 සංවර්ධන සැලැස්ම තුළින් වෙන් කිරීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
මෙය භාවිත කරන්නට පුළුවන්. එසේත් නොමැති නම් අලුත් ගොඩනැඟිල්ලක් ලබා දිය යුතුව තිබෙනවා. ඒ පාසලේ දරුවන් 620ක් පමණ අධ්‍යාපනය ලබනවා. ගුරුවරුන් 35ක් පමණ සේවය කරනවා. දැනට ඒ ගොඩනැඟිල්ලේ තිබූ පරිගණක විද්‍යාගාරය හා පන්ති 5ක් වෙනත් ගොඩනැඟිල්ලකට අරගෙන තිබෙනවා. මේක බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන පාසලක්. කෙසේ වුවත් 2021 වර්ෂයේදී පළාත් සභා ප්‍රතිපාදනවලින් ගොඩනැඟිල්ලක් ඉදිකරන්නට පුළුවන් වෙයි. ඒ පිළිබඳව දැනුම්දීලා තිබෙනවා. එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් සභාව සමඟ සාකච්ඡා කරලා ද්විතියීක පාසල් සංවර්ධන වැඩසටහන යටතේ ඊළඟ වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරනවා.
පිළිතුරු දුන් දිනය
2021-01-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks