පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
153/2020 ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කොළඹ 15, ආවේ මරියා විද්‍යාලයේ කතෝලික ධර්මය හා පෙරදිග සංගීතය විෂයයන් සඳහා ද ප්‍රාථමික පොදු අංශයේද ගුරු පුරප්පාඩු 01 බැගින් පවතින බවත්; (ii) වැසි ජලය බැස යාමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් මෙම විද්‍යාලයේ ඇති කුඩා ක්‍රීඩාංගණය වැසි ජලයෙන් යටවීමෙන් සිසු දරුවන්ගේ ක්‍රීඩා කටයුතුවලට බාධාවන බවත්; එතුමා දන්නෙහිද? (ආ) මෙම ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය මගින් ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-23
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට පවතින ගුරු පුරප්පාඩු ඉදිරියේදී බඳවා ගන්නා ගුරුවරුන්ගෙන් සම්පූර්ණ කිරීමට නියමිතය.
ඒ සඳහා වැඩ පිළිවෙළක් තිබෙනවා.
(ii) මේ ගැන මා දන්නවා.
විදුහලේ කුඩා ක්‍රීඩාංගණය පාසල් ගොඩනැගිලිවලින් වට වී ඇත. මේ නිසා වැසි ජලය රැස්වීමක් සිදුවන නමුත් පැය 2-3ක් තුළ ජලය සම්පූර්ණයෙන් බැස යයි. තවද අවට ගොඩනැගිලි නිසා පාසැලෙන් බාහිරට ජලය බැස යෑම හොඳින් සිදු නොවේ. පාසලෙන් බාහිරට ජලය හොඳින් බැස යෑමට අදාළ ක්‍රියා මාර්ග කොළඹ මහ නගර සභාව මඟින් සිදු කළ යුතු අතර, - එම කාර්යය භාර වෙන්නේ මහ නගර සභාවට - පාසල තුළ රැස්වන ජලය බැස යෑම විධිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.
(ආ) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks