පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
152/2020
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි බ්ලුමැන්ඩල් විද්‍යාලයේ සිසු දරුවන් 400ක් පමණ අධ්‍යාපනය ලබන අතර එහි මලාපවහන පද්ධතිය පිළිසකර නොකිරීම හේතුවෙන් ගලි පියන් වෙනුවට ලෑලි යොදා වසා ඇති බවත්;
(ii) එම සිසු දරුවන් සඳහා නිසි වැසිකිළි පහසුකම් නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-22
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි බ්ලූමැන්ඩල් විද්‍යාලයේ උක්ත කාරණයට අදාළ ගලිය පස්වලින් යට වී තිබී දැනට මාසයකට පෙර පරීක්ෂා කිරීමේදී දිරාපත් වී ඇති බව හඳුනා ගෙන, එය නැවත සකස් කිරීමට අවශ්‍ය ඇස්තමේන්තු පිළියෙල කිරීමට ප්‍රාදේශීය ඉංජිනේරු වෙත දන්වා ඇත. ඇස්තමේන්තුව ලැබීමෙන් පසුව අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරියේදී වෙන් කිරීමට කටයුතු කරනු ලැබේ.
විද්‍යාලයේ වැසිකිළි සංඛ්‍යාව ප්‍රමාණවත් බවත්, ඒවායේ සුළු අලුත්වැඩියා කටයුතු පමණක් ඇති බවත් එම අලුත්වැඩියා කටයුතු සඳහා පාසලට ලබා දී ඇති පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදාන යෙදවීමට උපදෙස් ලබා දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks