01

E   |     |  

 දිනය: 2020-10-21   පිළිතුර ලබා දී ඇත 

0151/2020: ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලය: ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම

151/2020

ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළඹ 14, ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලයේ ඇති තෙමහල් ගොඩනැගිල්ලේ වහලය දිරාපත්ව එහි කොටසක් කඩා වැටී ඇති බවත්;

            (ii)       ඒ හේතුවෙන් සිසු දරුවන් අනාරක්ෂිතභාවයට පත් වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-21

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම තෙමහල් ගොඩනැගිල්ලේ වහල අලුත්වැඩියා කිරීම සඳහා 2020 වසරේ බස්නාහිර පළාත් සංවර්ධන අරමුදලින් අංක N207561121002 දරන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන තුනක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, දැනටමත් එහි මූලික කටයුතු ආරම්භ කර ඇත.

 ගරු මන්ත්‍රීතුමනි, 2020.10.29 වන දින මේ සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා.

(ii) සිසුන් අනාරක්ෂිත නොවන ආකාරයට පන්ති පවත්වන ලෙස උපදෙස් දී ඇත. 

(ආ) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks