04

E   |     |  

 දිනය: 2021-02-12   පිළිතුර ලබා දී ඇත 

0140/2021: අඩු ආදායම්ලාභි පවුල්වල අයට රැකියා ලබා දීමේ වැඩසටහන: විස්තර

----

අසන ලද දිනය

2021-02-12

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)       ඔව්.

(ආ)          (i)      පුහුණුලාභී පත්වීම් 34,818ක් (තිස් හතර දහස් අටසිය දහඅටක්) ප්‍රදානය කර ඇති අතර, ඉන් පත්වීම් 34,005ක් (තිස් හතර දහස් පහක්) භාරගෙන ඇත.

              (ii)      පුහුණු පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය සංයුක්ත තැටියක** (CD) අන්තර්ගතකොට ඉදිරිපත් කරමි*.

              (iii)      අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටු දැකීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකිකයින් ලක්ෂයක් දෙනා විධිමත් වෘත්තීය පුහුණුවක් සහිතව රාජ්‍ය සේවයේ රැකියා ගැන්වීමට නියමිත අතර, ඉන් පළමු අදියර යටතේ පුහුණුලාභී පත්වීම් 34,818ක් ප්‍රදානය කර ඇත. ඉදිරියේදී මෙය තවදුරටත් ව්‍යාප්ත කරමින් දෙවන අදියර යටතේ පුහුණුලාභී පත්වීම් 58,787ක් ප්‍රදානය කිරීමටත්, තෙවන අදියර යටතේ ඉතිරි පත්වීම් ප්‍රදානය කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

(ඇ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks