පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
134/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විදේශගත රාජ්‍ය දූත මණ්ඩලවල සේවයේ නියුතු වාණිජ දෙපාර්තමේන්තුවේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් නිලධාරියාගේ නම, තනතුරු නාමය, සේවයේ නියුතු දූත මණ්ඩලයේ නම සහ රැකියාවේ වගකීම් වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
(iii) එම නිලධාරින්ගෙන් ශ්‍රී ලංකාවට සිදුවන සේවය ගැන අමාත්‍යාංශය තෘප්තිමත්ද වන්නේද;
(iv) ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට එම නිලධාරින්ගෙන් ඉහළ දායකත්වයක් ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දූත මණ්ඩල 27ක වාණිජ නිලධාරින් තිස්දෙදෙනෙකු සේවයේ නිරත වෙති.
(ii) වාණිජ නිලධාරින්ගේ නම් ලැයිස්තුව, ඔවුන්ගේ තනතුරු හා දූත මණ්ඩලවල නම් ඇමුණුම 01හි විස්තරාත්මකව දක්වා ඇත.
අදාළ දූත මණ්ඩල ප්‍රධානින් විසින් වාණිජ නිලධාරින්ට පවරා ඇති වගකීම් වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02හි දක්වා ඇත.
ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.
(iii) ඔව්.
(iv) * රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අන් රටවල් හා සම මිතුරු සබඳතා පවත්වා ගැනීම.
* මෙතෙක් ඇති කරගෙන ඇති ද්වි පාර්ශ්වීය ගිවිසුම් නැවත සමාලෝචනයට ලක්කොට රටට අහිතකර කොන්දේසි සම්බන්ධයෙන් නැවත සලකා බැලීම හා ගිවිසුම්වලට එළඹීමේදී දේශීය ආර්ථිකයට හානිකර නොවන පසුබිමක් සකස් කිරීම.
* විදේශ දූත මණ්ඩල තෝරා ගැනීමේදී රටේ විදේශීය ප්‍රතිපත්තියට අනුකූල ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්ය ඉටු කිරීමට දායක වන නිර්ණායක අනුව කටයුතු කිරීම හා දූත මණ්ඩල මඟින් අපේක්ෂිත අරමුණු ඉටුවීම පිළිබඳ අඛණ්ඩ ඇගයීමට ලක් කිරීම.
* විදේශ අමාත්‍යාංශය විසින් අපගේ විදේශ දූත මණ්ඩල මඟින් ක්‍රියාවට නංවන ලද සහ අධීක්ෂණය කරනු ලබන "ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩ පිළිවළෙහි" අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන කාර්යභාරය සිදු කරනු ලබන්නේ මෙම වාණිජ නිලධාරින්ය.
* එක් එක් දූත මණ්ඩලයේ වාණිජ අංශය සඳහා කාර්යය සාධන දර්ශක - Key Performance Indicators - ඇතුළත් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක කටයුතු සඳහා වෙනම ඉලක්ක අමාත්‍යාංශය විසින් සකස් කර ඇත.
* අදාළ දූත මණ්ඩල ප්‍රධානීන්ට අමතරව වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ද වාණිජ නිලධාරින්ගේ කාර්ය සාධනය නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලැබේ.
* 2020 දෙසැම්බර් 30 සහ 31 යන දෙදින තුළ වාණිජ නිලධාරින් සමඟ වෙන වෙනම අතථ්‍ය රැස්වීම් - virtual meetings - පවත්වා, ඔවුන්ගේ කාර්ය සාධනය තවදුරටත් වැඩි කරන මෙන් උපදෙස් ලබා දීමට කටයුතු කිරීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks