04

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0133/2021: රවිනාථ ආරියසිංහ මහතා: නැවත විදේශ සේවයට බඳවා ගැනීම

133/2020

ගරු චමින්ද විජේසිරි මහතා,— විදේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රවිනාථ ආරියසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවයට පත් වූ දිනය හා විශ්‍රාම ගිය දිනය කවරේද;

             (ii)      ඔහු විසින් දරන ලද තනතුරු කවරේද;

           (iii)      ඔහුව නැවත විදේශ අමාත්‍යාංශයේ සේවයට බඳවා ගැනීමේ සැලැස්මක් තිබේද;

(iv) එසේ නම්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවාවේ සිටින තරුණ නිලධාරින්ට අසාධාරණයක් සිදු වන බව  පිළිගන්නේද;

 

(v) මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වි‍දේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රවිනාථ ආරියසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා පත් කරන ලද දිනය 1988.10.03 වන දිනය වන්නේය.

              (ii)      ඔහු විසින් දරන ලද තනතුරු:

1.     සහකාර අධ්‍යක්ෂ, විදේශ අමාත්‍යාංශය

2.     තුන්වැනි ලේකම්, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

3. සහකාර අධ්‍යක්ෂ (දකුණු ආසියා), විදේශ අමාත්‍යාංශය

4. ජාතික තොරතුරු නිලධාරි - ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තොරතුරු මධ්‍යස්ථානයේ කාර්යාලය

5. අධ්‍යක්ෂ/දේශපාලන කටයුතු (නැ‍ඟෙනහිර), විදේශ අමාත්‍යාංශය

6. අමාත්‍ය ‍උපදේශක/  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය/වොෂිංටන්, එක්සත් ජනපදය

7. නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය/වොෂිංටන්

8. අධ්‍යක්ෂ ජනරාල්/මහජන සන්නිවේදන, විදේශ අමාත්‍යාංශය

9. බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති

10. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත

11. අතිරේක ලේකම්/ආර්ථික කටයුතු, විදේශ අමාත්‍යාංශය

12. විදේශ අමාත්‍යාංශයේ ලේකම්

13. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති

(iii) රවිනාථ ආරිසිංහ මහතා දැනට සේවයේ යෙදී සිටී.

(iv) පැන නොනඟී.

(v) පැන නොනඟී.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks