බලන්න

04

E   |     |  

 දිනය: 2020-09-25   පිළිතුර ලබා දී ඇත 

0123/2020: බිංගිරිය අපනයන සැකසුම් කලාපයට පවරාගත් ඉඩම්: විස්තර

123/2020

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බිංගිරිය අපනයන සැකසුම් කලාපය සඳහා ශ්‍රී ලංකා ආ‍‍යෝජන මණ්ඩලය විසින් පවරා ගෙන ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(ii) එම ඉඩම් පවරා ගැනීම සිදු කරන ලද ආයතන කවරේද;

(iii) එම ඉඩම් පවරා ගත් දිනය කවරේද;

(iv) එම ඉඩම් සඳහා ගෙවන ලද වටිනාකම කොපමණද;

(v) එම ඉඩම්වල වටිනාකම තක්සේරු කරන ලද ක්‍රමවේදය කවරේද;

(vi) දැනට එම ඉඩම්වල ඇති පොල් වගාවන්වල නඩත්තුව හා එම ඵලදාවන් ලබාගැනීම සිදු කරන ආයතනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-25

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019 ජුනි මස 03 වන දින අංක: 2126/12 දරන ගැසට් පත්‍රය මගින් පහත ඉඩම් ප්‍රමාණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට විකිණීමෙන් පවරා දී ඇත.

                        පිඹුරු අංක 1655 දරන වතු වත්ත හෙවත් ජර්මන් වත්ත

                        අක්කර          රූඩ්    පර්චස්

                        157               3    12.29

                        පිඹුරු අංක 1659 දරන ගොරකගස් අගාර හෙවත් කොවුල් වැව වත්ත

අක්කර රූඩ් පර්චස්

282 3 0.38

(ii) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිතිව තිබූ ඉහත ඉඩම්වල භුක්තිය 1977 වසරේ සිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් භුක්ති විඳිමින් සිටින ලදී.

(iii) 2019 ජුනි මස 03 දිනැති අංක: 2126/12 දරන ගැසට් නිවේදනය මගින්

(iv) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත -රුපියල් මිලියන 112

(ඉඩම සඳහා වන තක්සේරු වටිනාකම)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත - රුපියල් මිලියන 167.1

(ඉඩමේ සංවර්ධන කටයුතු සඳහා වන තක්සේරු වටිනාකම)

මුළු මුදල - රුපියල් මිලියන 279.1

(v) රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව

(vi) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (ආයෝජනය  වෙත ලබාදුන් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කරන තෙක්)

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks